DDS ආගමනය යලිත් සිදු වේවිද ?
නව තේරීම් කමිටුව පත් වෙනවාත් සමග අවුරුද්දකට විතර පස්සේ නැවතත් තුන් ඉරියව් ක්‍රීඩක දනංජය ද සිල්වාට ශ්‍රී ලංකා සංචිතයේ කැඳවීමක් ලැබිලා තියෙනවා.
දනා අවසන් වරට ක්‍රීඩා කරේ පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ… එහිදී නෙදර්ලන්තය එක්ක තරගයේදී අංක 4 පිතිකරුවෙක් විදිහට ඇවිත් ලකුණු 34ක් දනා රැස් කරා..
බංගලිදේශය එක්ක එම ලෝක කුසලානයේම දනා ලකුණු 21ක් රැස් කරා.. හැබැයි පසුගිය ලෝක කුසලානයේ දනාව පන්දු යවන්නෙක් විදිහට පාවිච්චි කරලා නැ..
එතැනින් පස්සේ දනාට කන්ඩායමේ ස්ථානය අහිමි වෙනවා. දේශීය පිටියේ වුනත් T20 තරගවල දනංජය ලොකු දස්කම් පෙන්වන්න අසමත් වෙනවා. හැබැයි හැමදාම වගේ නැවතත් මැදපෙල පිතිකරණයේ වගේම 5th Bowling Option එකෙත් ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා.
ඉතිං දනාව ආයෙමත් සංචිතයට කැදවීම ගැන තේරීම් කමිටු සභාපති පැහැදිලි කරලා තියෙනවා. ලෝක කුසලානයට තවත් ඇත්තේ සීමිත දින ගණනක් නිසා අත්දැකීම් කියන කෑල්ලත් බලන්න ඇති…
තේරීම් කමිටු සභාපති කියන විදිහට එළැඹෙන පකිස්තාන තරගාවලියේ අපි කන්ඩායමේ වෙනස්කම් දෙක තුනක් කරලා බලන්න පුළුවන්.. ඒ අනුව තෝරන සංචිතය එළැඹෙන එංගලන්ත තරගාවලියට සහ ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරාවී..
ප්‍රමෝද්‍ය කියන විදිහට දනාව ගේන්න හේතුවක් තමයි අපි ක්‍රීඩා කරන්නේ 7-4 Combination එකක් නිසා 5th bowling option එකට දනාව use කරන්න. එහෙම වුනොත් ඇත්තටම දනාගේ Bowling වලින් ටීම් එකට ගන්න දෙයක් තියෙයි.
හැබැයි ගියවර ලෝක කුසලානයේදී නායකයා වුනත් දනාගේ පන්දු යැවීමෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැ.. හැබැයි මේ පාර දනා ක්‍රීඩා කරොත් අනිවාර්යයෙන් ඒ දේ ගනිවී.. හේතුව මේ ලෝක කුසලානය තියෙන්නෙත් අපේ Condition වල,
ඒ වගේම දනා පිතිකරණයේ යෙදුනොත් එයාලා ක්‍රීඩා කරවන්න බලාපොරොත්තු වෙනවා කියන්නේ මුල්පෙල පිතිකරුවෙක් විදිහට.. බොහෝ දුරට දැන් යන විදිහට නොම්බර තුන, හතර තැන් වල අවස්ථාවක් තියෙයි..!
ඔන්න මේ දවස්වල දෙකට බෙදිලා ගහන ලෝක කුසලාන පෙරපුහුණු තරගයක දනා ලකුණු 94ක් ගහලා…
ඉතිං එළැඹෙන පකිස්තාන තරගාවලියේ අර තේරීම් කමිටුව කියන කන්ඩායමේ කරන්න බලාපොරොත්තු වෙනවා කියන වෙනස්කම් අතර දනංජය ද සිල්වාත් ඉන්න ලොකු චාන්ස් එකක් තියෙයි..!
ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ තීරණය ගැන?
✍ | Rishie Bro







