BREAKING NEWS
Search

උතුරු – නැගෙනහිර ක්‍රීඩා ප්‍රවර්ධනයට අයවැයෙන් දැවැන්ත මුදලක්.

460

උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංර්වධනය සඳහා රුපියල් මිලියන 150ක් මෙවර අයවැයෙන් වෙන්කර තිබේ.

ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සමාජය තුළ සෞඛ්‍ය සම්පන්න, නිරෝගිමත්, සහයෝගිමත්, “ජවසම්පන්න පුරවැසියෙක් – ජයග්‍රාහී ජනතාවක්” බිහිවෙන බව ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසීය.

ඒ හෙයින්, ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මඟින් අපේ ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800ක් වෙන් කර ඇති අතර, ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800ක් වෙන් කිරීමට යෝජනා කර තිබේ.

ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැළසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත,ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරඟ, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 4,000කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163ක් වෙන් කර ඇත.

ක්‍රීඩා යටිතල පහසුකම් සංර්වධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!