BREAKING NEWS
Search

රටට සුබ­ අනා­ග­ත­යක් උදා­කි­රී­මට දිවි­හි­මි­යෙන් කැපවෙනවා මන්ත්‍රී නීතිඥ නාමල් රාජ­පක්ෂ

636

මහින්ද අලු­ත්ගෙ­දර

රටට සහ ජන­තා­වට සුබ­වාදී අනා­ග­ත­යක් උදා­කි­රීම වෙනු­වෙන් දිවි­හි­මි­යෙන් කට­යුතු කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක සහ පාර්ලි­මේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජ­පක්ෂ මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුව රටේ ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වීම සඳහා බල­ක­රන අතර මර්ද­න­යට එරෙ­හිව සටන් කරන බව පෙන්වා­දෙන ඒ මහතා ජන­තාව වෙනු­වෙන් අවං­ක­වම පෙනී සිටින දේශ­පා­ලන පක්ෂ සියල්ල එළ­ඹෙන 21දා නුගේ­ගො­ඩට පැමි­ණෙනු ඇතැයි විශ්වා­සය පළ­ක­රයි.

ඒ මහතා මේ බව සද­හන් කළේ ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණු පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති වැඩ­ස­ට­හ­න­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දක්ව­මින් නාමල් රාජ­පක්ෂ මහතා මෙසේද කීය.

“සුන්බුන් එකතු කරලා හැදුවා කිවුවා. පාපිසි පාර්ලි­මේ­න්තු­වට ආවා කියලා ජනා­ධි­ප­ති­තුමා කිවුවා. නමුත් අපේ දේශ­පා­ලන බල­වේ­ගය තුළ සුන්බුන් සහ පාපිසි කෑලි නැහැ. අපි මේ රටේ ජන­තාව වෙනු­වෙන් පෙනී සිටි­නවා. ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ටික ඉටු­කර ගන්න ආණ්ඩු­වට නොහැකි වෙන­කොට ඒක වෙනු­වෙන් කතා කරන විප­ක්ෂය මර්ද­නය කරන්න කට­යුතු කර­නවා. ඒ මර්ද­න­යට කෙඳිරි ගාන්නේ නැති­කොට ආණ්ඩුව කෙඳිරි ගානවා. දැන් ආණ්ඩුව කෙඳිරි ගාන්න පට­න්ගෙන තිබෙ­නවා. ජන­තාව වෙනු­වෙන් පෙනී සිටින්න, ආණ්ඩුවේ මර්ද­න­යට සහ බොරු­වට එරෙ­හිව පෙනී සිටින්න, ආණ්ඩුව ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වීම සඳහා බල­පෑ­මක් කරන්න සූදා­නම් ඕනෑම දේශ­පා­ලන පක්ෂ­ය­කට සහ කණ්ඩා­ය­ම­කට එළ­ඹෙන 21 දා නුගේ­ගොඩ දී පැවැ­ත්වෙන රැස්වී­මට සහ­භාගි වෙන්න පුළු­වන්.

ඒ වගේම අපි සියලු දෙනාම එකතු වෙලා මේක සාර්ථක කර ගන්නවා. ජන­තා­වට ලබා­දුන් පොරොන්දු ඉටු­ක­ර­වන්න, මර්ද­නය නතර කරන්න ආණ්ඩු­වට බල­පෑම් කරන දැවැ­න්තම රැස්වීම බවට නුගේ­ගො­ඩදී පැවැ­ත්වෙන රැස්වීම පත්වෙ­නවා. ජන­තාව වෙනු­වෙන් අවං­ක­වම පෙනී ඉන්න, අල ගොවියා ලූනු ගොවියා වෙනු­වෙන් පෙනී ඉන්න, උපා­ධි­ධා­රියා වෙනු­වෙන් ගුරු­ව­රයා වෙනු­වෙන් හඩක් නඟන, ජීවන විය­ද­මට එරෙ­හිව හඬක් නඟන ඕනෑම දේශ­පා­ලන පක්ෂ­ය­කට මේ රැස්වී­මට සම්බන්ධ වෙන්න පුළු­වන්. මේ ආණ්ඩු­වට වැඩ බැරි­නම් දන්න පිරි­සක් ඒක­රාශි කර­ගෙන මේ වැඩේ කරන්න ඕන. අපි ඒකට දොස් කියන්නේ නැහැ. ගොවි­යන්ට හොඳ මිලක් දෙන්න අපිට අව­ශ්‍යයි. ආණ්ඩුව මේක දන්නේ නැති­නම් දන්න කෙනෙ­ක්ගෙන් අහ­ගන්න ඕන.

Source – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!