BREAKING NEWS
Search

“දැන් ප්‍රතිකාර නිසා යම් මට්ටමක සුවෙන් ඉන්නවා..” “තව එකම ආසාවක් තියෙනවා…” කලකට පසු දොඩමළු වුණු ප්‍රවීණ කලාකරු ප්‍රියංකර කියූ ඒ කතාව මෙන්න..

1391

 

ඔහු ජීවිතය දෙස උපේක්ෂාවෙන් බලා හිඳින කලා ශිල්පියෙක්.

ඒ විතරක් නෙවෙයි එදා වගේම අදත් මේ ප්‍රවිණ කලාකරුවාට ආදරය කරන පිරිස ඔහුගේ තොරතුරු දැනගන්න බලාගෙන ඉන්නවා.

ප්‍රියංකර පෙරේරා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ඒ වගේම ප්‍රවීණ කලාකරුවෙක්. මීට ටික කාලෙකට කලුන් රෝගී වුණු ඔහු මේ වෙනකොට ගෙවන්නේ මොනවගේ ජීවිතයක්ද..? කලකට පසු හඬ අවදි කළ ඔහු මේ දවස්වල තොරතුරු මෙන්න මේ විදිහට පුවත්පතකට එක්කරලා තිබුණා.

ප්‍රියංකර අයියාට හොඳ මිතුරෝ ටිකක් ඉන්නවා නේද?

මම මේ ජීවිත කාලය තුළ උපයා ගත් වත්කමක් වේ නම් ඒ තමයි මමයි මගේ බිරිඳ දිල්හානියි එකතුවෙලා හදපු මේ ගෙදර, අපි දෙන්නාගේ දරුවා සහ මගේ මිතුරු පිරිස. මම වැටෙන හැම තැනකදීම මා එක්ක හිටියා. අදටත් එයාලා මා එක්කම ඉන්නවා. එයාලගේ උනන්දුවෙන් තමයි මේ ප්‍රසංගය සංවිධානය වෙන්නේ.

දැන් ශරීර සෞඛ්‍ය තත්ත්වය ගැනත් අපි ටිකක් කතා කරමුද?

දැනට අවුරුදු 7කට විතර කලින් ඉඳන් තිබුණු යම් යම් රෝගී ලක්ෂණ නිසා තමයි අද මේ ඉන්න තත්ත්වය උදා වුණේ. ජීවිතේ හැටි ඔහොම තමයි ඉතින්. හැමදාම එක වගේ ඉන්නත් බෑනේ.

සීනි සහ ස්නායු ආබාධයක් නිසා කකුලක් ඉවත් කරන්න සිදු වුණා. ඒ එක්කම වකුගඩු රෝගයටත් මුහුණ දුන්නා.

දැන් ප්‍රතිකාර නිසා යම් මට්ටමක සුවෙන් ඉන්නවා. ඔය අතරේ බයිපාස් එකකුත් කළා. මේ කාලය තුළ විවිධ ශල්‍යකර්මවලට භාජනය වෙන්න සිද්ධ වුණා.

දැන් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙලා ඉන්නවද?

ඔව් ගොඩක් දුරට කෑමබීම ජාති ගන්නේ ශරීරයට හිතකර දේවල්. එහෙමයි කියලා පැණිරස නොකා ඉන්නෙමත් නැහැ. ගෙදර අය නම් මට දෙන්නේ නැහැ. මම ඒත් ඉතින් තලබෝලයක් එහෙම කනවා. දිල්හානි දැක්කොත් එහෙම නම් බැනුම් අහනවා.

ජීවිතේ කඩා වැටුණු තැන් තියෙනවද?

එහෙම වුණේ නැහැ. මම බොහෝ වෙලාවට බෞද්ධ දර්ශනය එක්ක ඉන්න කෙනෙක්. ඒ නිසා මේ හැම දෙයක්ම මම උපේක්ෂාවෙන් දරා ගන්න පුරුදු පුහුණු වෙලා ඉන්නවා. අපිට හැමදාම එක වගේ ජීවත් වෙන්නත් බෑනේ. හැමදාම ජීවත් වෙන්නත් බෑනේ. කොහොමත් මම ජිවත් වුණේ හැමදේම අත්හරිමින්.

දැන් තියෙන බලාපොරොත්තු මොනවද?

තව එකම ආසාවක් තියෙනවා. ඒ තමයි මුනුබුරෙක් බලන එක. හැබැයි මම හිතන්නේ නැහැ, ඒකත් මට මේ ඉන්න කාලේ බලන්න ලැබෙයි කියලා. ලැබුණොත් ඒ බලාපොරොත්තුවත් හරි.

අවසාන වශයෙන් ප්‍රියංකර පෙරේරාට ආදරේ කරන රසිකයින් කියන්න දෙයක් ඇති…

මම කලාකරුවෙක් වීම ගැන බොහොම තෘප්තිමත් වෙනවා. එහෙම කියලා කවදාවත් මම ජනප්‍රිය කෙනෙක් කියන එක හිතට අරන් ජීවත් වුණේ නැහැ. මට පොඩි හෝ දෙයකට කතා කරා නම් මට ඒ වෙලාවේ ඒ දේ කරන්න පුළුවන් නම් මම කළා. ඒ නිසාම වෙන්න ඇති එදා වගේම අදටත් අපි ගැන කතා වෙන්නේ. බොහොම නිහතමානී සතුටක් ලබන ලැබෙන ප්‍රේක්ෂක රසික ආදරේ නිසා.

source – hiru gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *