“මම වැඩිම හයේ පහරවල් ගැන හිතන්නේ නෑ ,මට පෞද්ගලික වාර්තා වැදගත් නෑ ,මට ඕන කණ්ඩායම වෙනුවෙන් අවශ්‍ය දේ කරන්න ”
එහෙම කියන ඔහු 2022 වසරේ ලෝක කුසලානයට ඕස්ට්‍රේලියාව බලා යාමට නියමිත ගුවන් යානයට පැමිනෙන්නේ නෑ ඒ නිසාම ඔහු සංචිතයෙන් ඉවත් කරනවා
තවත් විටෙක කණ්ඩායම දක්ෂයින් නොමැතිව දිගින් දිගටම පරාජය වෙද්දී ඔහු මුදල් වෙනුවෙන් ෆ්‍රැන්චයිස් ලීග්වල ක්‍රීඩාකරනව
තව තව විනය ප්‍රශ්න ගොඩයි
එහෙම ඔහු මෙවර තරඟාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා ,තරගාවලියක වැඩිම හයේ පහර සංඛ්‍යාව දැනටමත් සමකරල ඉවරයි..ඊයේ පන්දු 34 කින් ලකුණු 85ක්
ඒ ෂිම්රන් හෙට්මයර්
කොදෙව්වන් දිගින් දිගටම පරාජය වෙද්දි හැමෝම කියන්න ගත්තා කොදෙව් ක්‍රිකට් ඉවරයි..එයාල එක රටක් නෙවෙයි රටවල් ගොඩක් ,ඒහින්ද එයාලට රටවෙනුවෙන් සෙල්ලම් කරනව කියල එකක් නෑ ,එයාල එකතු කරන්න අමාරුයි
එයාලට ඕන නමක් හදාගෙන ලීග්වල සෙල්ලම් කරන්න..නිකලස් පූරන් ,සුනිල් නරායන් හොඳම උදාහරණ ..
මේ අතරෙමේකට උත්තර හොයන්න සියලු කොදෙව් පුරාවෘත එකතු වෙනවා
ලාරා,රිචඩ්ස්,රිචඩ්සන්,මයිකල්,සෝබර්ස් තව තව සියලු දෙනාම..
ඔව් එයාල කණ්ඩායමක් හදනවා ,පුහුණු කරු තනතුරට නියම සුදුස්සෙක් ඉන්නවා ඔහු තාම තරුණයි ,විසේකාර වගකීම් නැති කොදෙව් යක්කුන්ට නියම නායකයෙක්
සමී …ඩැරන් සමී
ඔහු ගැන කතාකරන්න තව ගොඩක් දේවල් ඉස්සරහට තියෙයි..එතකම් මෙච්චරයි…
මම ක්ලයිව් ලොයිඩ් දැකල නෑ..හැබැයි මම ඩැරන් සමී දැකල තියෙනවා..ඔහු ලෝක කුසලාන දිනනවා දැකල තියෙනවා ,එකක් නෙවෙයි දෙකක් ..
Copied







