BREAKING NEWS
Search

මන්ත්‍රී අර්චුනාට ඇප වරෙන්තු බව දැනගත්තේ ජනමාධ්‍යයෙන්

167

පොලී­සි­යට භාර වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී අර්චුනා රාම­නා­දන් මහතා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව ඔහුට එරෙ­හිව නිකුත් කර තිබූ වරෙ­න්තුව ආපසු කැඳ­වන ලෙස කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා ඊයේ (24) නියෝග කළේය.

පෙර ඇප මත සැක­කාර මන්ත්‍රි­ව­රයා මුදා­හ­රින ලෙසත් මහේ­ස්ත්‍රා­ත්ව­රයා නියෝග කළේය.

රාජ­කා­රියේ නියුතු පොලිස් නිල­ධා­රි­ය­කුට බල­පෑම් කිරීම සම්බ­න්ධ­යෙන් පව­තින නඩු­වක් කොටුව අධි­ක­ර­ණය හමුවේ පෙරේදා (23) කැඳවූ අව­ස්ථා­වේදී අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම මත වරෙන්තු නිකුත් කර තිබිණි. ඊයේ (24) උදෑ­සන නීති­ඥ­ව­ර­යෙක් මඟින් කොටුව පොලී­සි­යට පැමිණ භාර වීමෙන් අන­තු­රුව අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

මෝස­මක් ගොනු කර­මින් කොටුව පොලී­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගනු ලැබූ සැක­කාර මන්ත්‍රි­ව­රයා අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කර තිබිණි.

පැවැති ආපදා තත්ත්වය හමුවේ නඩුව කැඳ­වී­මට තිබූ පසු­ගිය නඩු දිනයේ නඩුව කැඳ­වූයේ නැති බව එහිදී සැක­කාර මන්ත්‍රි­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා ප්‍රමුඛ නීතිඥ මඬුල්ල අධි­ක­ර­ණය හමුවේ කියා සිටි­යහ. වෙනත් දින­යක් දැන්වීම් පුව­රුවේ සඳ­හන් කර නොතිබූ බව නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රෙස්න මහතා අධි­ක­ර­ණය හමුවේ පැව­සීය.

සිය සේවා­දා­ය­කයා වරෙන්තු කර ඇති බව දැන­ගෙන ඇත්තේ ප්‍රවෘත්ති මඟින් බව ද සැක­කාර මන්ත්‍රී­ව­රයා වෙනු­වෙන් කරුණු දක්ව­මින් ඔහු කියා සිටියේ කියා සිටි­යේය.

ඡායා­රූ­පය – දුෂ්මන්ත මායා­දුන්න

Source – Dinamina (සුභා­ෂිණී සේනා­නා­යක)

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!