BREAKING NEWS
Search

“මාස දෙකක් දේශන වලටත් ගිහින්, නේවාසිකාගාරයෙත් ඉඳලා..” – වෛද්‍ය පීඨයේ ‘ව්‍යාජ’ දොස්තර නෝනා.. මහනුවර කෙල්ලෙක් යාපනය කැම්පස් එක හොල්ලපු හැටි..

4577

 

 

“වෛද්‍යවරියක් වෙන්න තිබුණේ පුදුම පිස්සුවක්.. ඒත් උසස් පෙළ ප්‍රතිඵල ඒ හීනයට හරස් වෙද්දී ඇය තෝරාගත්තේ මුළු රටම කම්පා කරන බියකරු මාවතක්!”

දශම ගණනක Z-ස්කෝර් (Z-Score) අගයකින් වෛද්‍ය පීඨ හීනය අහිමි වන දහස් ගණනක් සිසුන් ඉන්න රටක, ජීව විද්‍යාවට සාමාන්‍ය (S) සාමාර්ථ පමණක් තබාගෙන යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වූ සිසුවියකගේ තොරතුරු වාර්තා වෙනවා.

මහනුවර ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය 2025 නොවැම්බර් මාසයේ පැවති සම්මුඛ පරීක්ෂණ වලට පවා පෙනී සිටිමින්, සියල්ලන්ගේම ඇස් වලට වැලි ගසා වෛද්‍ය පීඨයට ඇතුළත්ව තිබෙනවා.

පුදුමයට කරුණ නම්, ඇය මාස දෙකකට ආසන්න කාලයක් කිසිදු බියක් සැකක් නැතිව වෛද්‍ය පීඨයේ දේශන වලට සහ ප්‍රායෝගික පුහුණුවීම් වලට පවා සහභාගී වීමයි.

ඇය නේවාසිකාගාරයේ (Hostel) අනෙක් වෛද්‍ය සිසුවියන් සමඟ එකට රැඳී සිටිමින් මෙම මහා රඟපෑම සිදු කර ඇති බවයි පාලනාධිකාරිය පවසන්නේ.

පසුව සිදුකළ විමර්ශනයකදී ඇගේ උසස් පෙළ ප්‍රතිඵල ව්‍යාජ බවත්, ඇයට වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට කිසිදු සුදුසුකමක් නොමැති බවත් හෙළි වී තිබෙනවා.

සැබෑ සුදුසුකම් ඇති දරුවෙකුගේ වෛද්‍ය සිහිනය වසර ගණනාවකට පස්සට තල්ලු කරමින් ඇය කළ මේ බියකරු සෙල්ලම අවසන් වූයේ ඇයව වෛද්‍ය පීඨයෙන් පන්නා දැමීමෙන්.

Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!