BREAKING NEWS
Search

ඊළඟ ජනපතිවරණයටත් මං එනවා – සජිත් කියලා

412

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තමන් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමඟි ජන සන්ධානයට අයත් පක්ෂ නායකයින් හමුවේ අවධාරණය කර තිබේ.

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා මාධ්‍ය වෙත මේ බව අනාවරණය කළේය. ඔහු සඳහන් කළේ, පසුගිය 14 වන දින සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය සිදු කළ බවත්, ඒ සඳහා සන්ධානයේ සුළු ජාතික පක්ෂ නායකයින් රැසක් සහභාගී වූ බවත්ය.

 

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සජිත් ප්‍රේමදාස මහතාට පූර්ණ අයිතියක් ඇති බව මනෝ ගනේෂන් මහතා මෙහිදී පිළිගෙන ඇත. කෙසේ වෙතත්, තමන් ඇතුළු සුළු ජාතික පක්ෂ නියෝජනය කරන්නේ සමඟි ජන බලවේගය පක්ෂය නොව, පුළුල් සන්ධානය වන සමඟි ජන සන්ධානය බව පෙන්වා දුන් ඒ මහතා, එබැවින් මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් තම පක්ෂ ඉවසීමෙන් යුතුව ඉදිරිය දෙස බලා සිටින බවද කියා සිටියේය.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!