නීතියට අනුව, සාධාරණව, පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පවසනවා.
නමුත්, අනීතික ලෙස දේශපාලන දඩයම් සිදු කරන්නේ නම්, හිස නැමීම හෝ දණ නැමීම සිදු නොකරන බවයි (25) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
නූතන අල්ලස් පනත ගෙන ඒමට කටයුතු කළේ සිය පියා කටයුතු කළ රජයෙන් බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Source – එසැණ







