අම්මගෙ පැත්තෙන් කියලයි තාත්තගේ පැත්තෙන් කියලයි බර ගානකට කියලා වෙඩිමක් ගත්තාම අන්තිමට වෙන්නේ අතේ තියෙන සන්තකෙන් හිදිලා සමහර විට ණයත් වෙලා හැඳිගෑවිලා යන එක විතරයි.
ඒ එන සමහර නෑදෑයෝ කියාගන්නා කට්ටිය දකින්නෙත් එදාමයි. අම්ම තමා කියන්නේ මේ අහවලා කියලා. එතකන් දන්නෙ නෑ. එදායින් පස්සෙ ආයේ ජීවිත කාලෙටම දකින එකකුත් නෑ.
ඔක්කොමත් කරල ඒ අයගෙන් වෙඩිමේ අඩුපාඩු අහන්නත් එපැයි. කොහොම කරත් මොකක් හරි කියනවම තමයි ඉතින්.
එහෙව් එකේ හොඳ නැද්ද අපිට හිතවත්, ලඟින් ආශ්‍රය කරන, වචනෙකින් හරි අවංකව අපිට උදව් කරපු, කරන අයට කියලා, අර කොහෙවත් ඉන්න නෑයන්ට බොරු සෝබනේට කන්න බොන්න දෙන සල්ලි වලින් මනමාලිගේ සිහිනයක් වෙල තිබ්බ ලස්සන් ඇඳුමක් ඇඳලා ලස්සන තැනක ලස්සනට වෙඩිම අරන් දවසක මතක් කරල සතුටු වෙන්න මතක පිරුණු දවසක් ජීවිතයට එකතු කරගන්න එක.
දැන් අපි කරන්නේ අපේ සතුට සීමා කරගෙන පුලුවන් තරම් ලාබෙට අපේ වැඩ ටික කරගෙන නෑයොන්ට කන්න බොන්න දෙන්න සල්ලි වෙන් කරන එකනේ.
නෑයෝ කිව්වාම සමස්ථ නෑයෝ නෙවෙයි. ඕකෙ ඉන්නව අපි වෙනුවෙන් දෙයක් කරපු හිත හොඳ සෙට් එකක්. එයාලටත් කියන්න ඕනේ.
මේ කියන්නේ වියදම් අඩු කිරීමක් ගැන නෙවෙයි. අනවශ්‍ය පුද්ගලයන්ව අනවශ්‍ය තැන් වලට ඕනේ නෑ කියන එක. වියදම් වල වෙනසක් නැති උනත් ඒ වියදමට වටිනාකමක් ලැබෙන්න ඕනේ කියන එක.
Beyond The Words







