BREAKING NEWS
Search

ඉරා­න­යට ගැහු­වොත් මැද­පෙ­ර­දිග අමෙ­රි­කානු කඳ­වු­රු­ව­ලට ගහ­නවා -අරාබි රට­ව­ලටත් අන­තුරු ඇඟ­වී­මක්

691

ඉරා­නයේ විරෝ­ධ­තා­ක­රු­වන්ට සහාය පළ කර­මින් අමෙ­රි­කා­වෙන් ප්‍රහා­ර­යක් එල්ල වන්නේ නම් මැද­පෙ­ර­දිග රට­වල ස්ථාපිත කර ඇති සිය­ලුම අමෙ­රි­කානු හමුදා ඉලක්ක වෙත ප්‍රති­ප්‍ර­හාර එල්ල කරන බවට ඉරා­නය අන­තුරු අඟවා තිබේ. අල් ජසීරා පුවත් සේවය සඳ­හන් කරන්නේ සෞදි අරා­බිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යත්, තුර්කිය ඇතුළු තවත් අරාබි රට­වල් කිහි­ප­ය­කත් පිහිටි අමෙ­රි­කානු හමුදා ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ල වනු ඇතැයි ද ඉරා­නය ප්‍රකාශ කළ බව වාර්තා වේ. එවැනි ප්‍රහාර සිදු නොවී­මට නම් ඉරා­න­යට පහර දීමෙන් අමෙ­රි­කාව වැළැ­ක්වී­මට පිය­වර ගන්නා ලෙසත් ඉරා­නය මැද­පෙ­ර­දිග සෙසු මුස්ලිම් රට­ව­ලින් ඉල්ලී­මක් කර තිබේ. ඉරාන රජය මේ ප්‍රකා­ශය සිදු­කර ඇත්තේ රාජ්‍ය විරෝධී සිදු­වීම් අත­ර­තුර විරෝ­ධ­තා­ක­රු­වන් ඝාත­නය කිරී­මට එරෙ­හිව හමු­දා­මය වශ­යෙන් මැදි­හ­ත්වන බවට ඩොනල්ඩ් ට්‍රම්ප් එල්ල කළ තර්ජ­න­යට ප්‍රති­චාර දක්ව­මින් බව ද අල් ජසීරා පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

අමෙ­රි­කාවේ ප්‍රකා­ශය සම්බ­න්ධ­යෙන් එක්සත් ජාතීන්ගේ ඉරාන තානා­පති අමීර් සයිඩ් ද ආර­ක්ෂක මණ්ඩ­ල­යට ලිපි­යක් යොමු කර ඇති අතර, ඉරා­නයේ විරෝ­ධ­තාව අත­ර­තුර තරුණ ජීවිත විශාල වශ­යෙන් අහි­මි­වී­මට අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ප්‍රති­ක්ෂේප කළ නොහැකි නීති­මය වග­කී­මක් දැරිය යුතු බවය. ඉරා­නයේ අභ්‍ය­න්තර අර්බු­ද­ව­ලට මැදි­හත් වීමට පෙර අමෙ­රි­කාව අභ්‍ය­න්ත­රයේ ඇති ගැටලු විසඳා ගැනී­මට ඩොනල්ඩ් ට්‍රම්ප් කට­යුතු කළ යුතුව ඇතැයි ද ඔහු එම ලිපි­යෙහි සඳ­හන් කර ඇතැයි වාර්තා වේ.

උපුටාගැනීම – Dinamina




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!