BREAKING NEWS
Search

අපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි… එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා” සුනඛයෙක් නිසා ජීවිත බේරාගත් මාස්පන්න මිනිස්සු…

816

 

‘දිට්වා’ සුළිකුණාටුව සමග ඇද හැලුණු ධාරාණිපාත වැසි මධ්‍යයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, මස්පන්න ප්‍රදේශයේ පිහිටි කන්දක් නාය යෑමෙන් එම නගරය සම්පූර්ණයෙන්ම පාහේ පස් වලින් වැසී ගොස් තිබේ.

නගරවාසියෙකු වන ටී.එම් තෙන්නකොන් එදා සිය අත්දැකීම මෙලෙස විස්තර කළා.

තම නිවසේ ඇති කළ ‘චූටි’ නැමති සුරතල් සුනඛයා නිසා තමා ඇතුළු පවුලේ සාමාජිකයන්ට පමණක් නොව තවත් පිරිසකට දිවි බේරා ගැනීමට හැකි වූ බව තෙන්නකෝන් විස්තර කර සිටියේ ය.

”අපේ බල්ලා ‘චූටි’ නැත්නම් අපි ඉවරයි. එයා සංඥාව දුන්නා අපි ජීවිත බේර ගත්තා.දොරට ගහල ගහලා කෑගැහුවා. මෙයා අපිට දරුවෙක් වගේ..” ඔහු පවසනවා.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගේ සහ විහාරාධිපතිහිමියන්ගේ ක්ෂණික මැදිහත්වීමත නිවාස වලින් ඉවත් කළ නගර වාසීන් පිරිසක් මේවන විට විහාරස්ථානයේ තාවකාලිකව ලැඟුම් ගෙන සිටිනවා.

නගර වාසීන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වුණත් නගරයේ විශාල දේපළ හානියක් සිදු වී තිබේ.

තැපැල් කාර්යාලය සහ වෙළඳසැල් 13ක් , නිවාස දෙකක් , බස් රථ හතරකට සහ මස්පන්න නගරයේ බස් නැවතුම්පොළට මෙම නාය යැමෙන් හානි සිදු වී ඇති අතර තෙන්නකෝන් පවසන්නේ, තමාගේ සහ පවුලේ සාමාජිකයින්ගේ දිවි බේරූ නිසා ‘චූටි’ කෙරෙහි තිබු ආදරය දැන් තවත් වැඩි වී ඇති බවයි.

උපුටා ගැනීම – බී.බී.සී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!