අමෙරිකාව විසින් තීරු බද්ද යම් ප්‍රමාණයකට අඩු කළද, ශ්‍රී ලංකාව හා අමෙරිකාව අතර ඇති ආනයන-අපනයන වෙළෙඳ පරතරය අඩු කරගැනීමට සාකච්ඡා සිදුකළ යුතුව තිබූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.
ඒ අනුව එලෙස වෙළෙඳ පරතරය අඩු කර ගැනීමට කටයුතු කළේ නම්, මෙම තීරුබද්ද තවදුරටත් අඩු කර ගැනීමේ හැකියාව තිබූ බවයි අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
රජය සාකච්ඡා සිදු කළේ අමෙරිකාවේ කුමන මට්ටමේ නිලධාරීන් සමඟදැයි ගැටලු සහගත බවත්, අමෙරිකාවේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කළ හැකි පිරිස් ශ්‍රී ලංකාවේ සිටින බවත්, ආණ්ඩුව ඔවුන්ගේ උදව් ලබා ගැනීමට කටයුතු නොකළ බවද ඔහු ප්‍රකාශ කළා.
ආණ්ඩුව විසින් කල්පනා කළේ, මෙය සිදු කළ හැක්කේ ආණ්ඩුවට පමණක් බවත්, “මං පොර” සංකල්පයේ සිට ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වත්මන් තත්ත්වය උදාවී ඇති බවත්, “පෙරළුණු පිට හොඳයි” කියා සිතන ආකාරයෙන් මෙම බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා සාකච්ඡා සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
Source – එසැණ







