BREAKING NEWS
Search

අපේ තුන්දෙනා මේ පාර්ලිමේන්තුවේ හිටියේ නැත්නම්, ආණ්ඩුව මීට වඩා නාඩගම් නටලා – සංජීව එදිරිමාන්න

1069

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව සමඟ කරට කර සටන් කරමින් සිටින බව එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව, වත්මන් පාර්ලිමේන්තුව තුළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනා නොසිටියේ නම්, ආණ්ඩුව මීට වඩා ‘නාඩගම් නැටීම’ සිදුකරන බවත්, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු හා චාමර සම්පත් මන්ත්‍රීවරයාද පාර්ලිමේන්තුවේ හඬ නැගීම සිදුකරන බවයි අද (16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

බහුතරයක් පිරිස තමන්ගේ පෞද්ගලික ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් ඉතා නිහඬ ආකාරයකින් කටයුතු කරන බවද, වෙනදා ආණ්ඩුව සමඟ හොඳින් හැප්පුනු සමහර අය මේ වන විට ඉතා නිහඬ වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරට අවශ්‍ය නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ එක්වී දේශපාලනය සිදු කළ හැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *