BREAKING NEWS
Search

මෙච්චර දෙයක් අපේ ජීවිත වලට වෙයි කියලා දැනගෙන හිටියා නම් ජීවිතේ කිසිම දවසක අරගල කරන්න නම් යන්නේ නැ…

254

”අපි රටට වරදක් කළෙත් නෑ. අපි මිනිස්සුන්ට වරදක් කළෙත් නෑ. මං විශ්වාස කරන නීතියෙන් යුක්තිය අපිට ඉටුවෙයි. හැබැයි වැරදි කරපු මිනිස්සුන්ට, මිනිස්සුන්ගෙ ජීවිත හානි කරපු ඒවට අපි කරපු අරගලය ඒක නෙවෙයි…

ඒ සම්බන්ධව මං කතා කරන්නෙ නෑ. යුක්තිය පසිඳලන අධිකරණයට හිස නමා ගරු කරනවා.
මම දන්නවා, වැරදි නොකර අරගලය කරපු මිනිස්සුන්ට යුක්තිය ඉටුවෙනවාමයි.

මෙච්චර දෙයක් අපේ ජීවිතවලට වෙයි, මේ අහිංසක අරගලකරුවන්ට වෙයි කියලා දැනගෙන හිටියා නම් ජීවිතේ කිසිම දවසක අරගල කරන්න නම් එන්නෙ නෑ. කවදාකවත් එන්නෙ නෑ. මොකද අපිට අපේ ජීවිත නැති වුණා. ඒක තමයි මට කියන්න තියෙන්නෙ.

අරගලය තුළත් ජීවිත නැති වුණා. අරගල කරපු මේ සියලු දෙනාටත් ඒ මිනිස්සුන්ගෙ ජීවිත නැති ම වුණා. ජීවත් වුණාට ඒ මිනිස්සුන් ජීවත් වෙන්නෙ නිකන් මලකඳන් වගේ. අපි ඔක්කොටම ඒ ප්‍රශ්නෙ තියෙනවා.

මේ වගේ තත්ත්වයක් මිනිස්සුන්ගෙ ජීවිතවලට උදාවෙයි කියලා අපි දැනන් හිටියා නම් කිසි තැනකදි අපි එන්නෙ නෑ.
අපිටත් අනිත් මිනිස්සු වගේ ගෙවල්වල ඉදන් ටීවි එකෙන් බලන්න තිබ්බා.

මඩ සහ අපහාස තමයි ඉතුරු වුණේ. අපි හම්බකරගත්තු දේවල් නැති වුණා. අපි සල්ලි ගත්තා කියනවා. අපේ ගිණුම් CID එකෙන් චෙක් කළා හොඳ වෙලාවට. අරගලයෙන් හම්බකරගන්නෙ මං මොකටද. මං බෙන්ස් එකෙන් ආවේ අරගලයට. අවුරුදු නවයක් බෙන්ස් එකක් පැද්දෙ. අන්තිමට ඒවත් නැති වෙච්ච එක මිසක්, අපිට ජීවිතේම නැති වුණා මිසක් ඇති වෙච්ච දෙයක් නෑ අරගලයෙන්…”

– රංගන ශිල්පිනි දමිතා අබේරත්න

ChannelE




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!