BREAKING NEWS
Search

උසස්පෙළට ආට්ස් කරල කැම්පස් ගිහින් ලෝකෙ හොඳම ඉංජිනේරු නිපැයුමට සම්මානයක් ලැබුන කිව්වොත්, ඒකත් ටෙස්ලා සමාගමේ කණ්ඩායමක් පරදවල?

615

උසස්පෙළට ආට්ස් කරල කැම්පස් ගිහින් ලෝකෙ හොඳම ඉංජිනේරු නිපැයුමට සම්මානයක් ලැබුන කිව්වොත්, ඒකත් ටෙස්ලා සමාගමේ කණ්ඩායමක් පරදවල?

අයිලන්ඩ් රෑන්ක් ගැන පොර ටෝක් දෙන සමාජෙ, තුන්වැනි පාර විභාගෙ යංතං ගොඩදාගෙන කැම්පස් යන කෙනෙක් ආචාර්‍ය උපාධියත් තරුණ වයසෙදිම අරගෙන ලෝකෙ විශ්වවිද්‍යාල සහ ආයතන රැසක ආරාධනා ලැබෙන චරිතයක් උනා කිව්වොත් ?

ළමයි, පවුල් බර නිසා අපේ අධ්‍යාපනය නැවතුනා අපරාදෙ කියල කියන බහුතරයක් අතර පාසල් නොයන වයසේ ළමයි දෙන්නෙක් ඉන්දැද්දි , විදේශීය රටක පටංග්න්න ආචාර්‍ය උපාධිය නිසි කලට ඉවරත් කරල ඒ අතරෙ තවත් බබෙකුත් හැදුව අම්මෙක් කිව්වොත්?

ඔය සේරම කරේ රත්ගම ඉඳල කොළඹට ඉස්කෝලට ආව, ඉතාම සාමාන්‍ය පවුලක බටු ඇට සයිස් කෙල්ලක්..

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙ අධිකාරී ලත් නිළධාරීනියක් විදිහට, පත්තරේක විශේෂාංග ලේඛිකාවක විදිහට , ඉඩම් ගොඩකිරීමේ සංස්ථා උපදේශක වරියක් විදිහට වගේ එකිනෙකට නොගැලපෙන පෙනුන රැකියා ගොඩක් කලත් නදීශගෙ හැකියාවෙන් කවුරුත් වැඩක් ගත්තෙ නෑ නෙවෙයි ගත්ත දේට සැලකුවේත් නෑ.

ඒ නිසා අන්තිමට ඔස්ට්‍රේලියාවට ගිහින් නැවතුනත්, ඇය ලද හැම සම්මානයක් අතැතිවම වේදිකාවේ හැමදාම කිව්වෙ ” මේක අයිති මගෙ ලංකාවේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය විසින් නිර්මාණ කරන මගෙ මිනිස්සුන්ට ” කියල .

උනන්දුව, අවශ්‍යතාව ඇත්නම් සීමාව අසීමාවයි කියන එක මහපොළොවෙ තහවුරු කල ගැහැනියක් නදීශා චන්ද්‍රසේන.

ලෝකෙ බුද්ධිමය දේපළ පිළිබඳ ඉහලම සම්මාන උලෙළේ ජිනීවා නුවර වේදිකාවේ ඇය මේ දරා ඉන්නේ ගැහැනියක, මවක සහ නිර්මාණකාරියක ලෙසත්, ලාංකිකයකු නොව ලෝ වැසියෙකු ලෙසත් ලැබිය හැකි ඉහලම ජයග්‍රහණයක්.

වතුරෙන් දුවන කාර් හදනව, පෙට්‍රල් ලීටරෙන් හඳට යන අහවල් එක හදනව..ඒත් ආන්ඩුව මට අත දෙන්නෙ නෑ කියල පත්තර පඩංගු පුරවන බොල් පිළිම අතර බැබලෙන ගල් පිළිමය..ආචාර්‍ය නදීශා , ඔබට තව බොහෝ දුර යන්න සුබපැතුම් ❤️

Copied

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *