විස්තීර්ණ අරමුදල් පහසුකමේ හයවැනි වාරිකය වන ආසන්න වශයෙන් අෙමරිකානු ඩොලර් මිලියන 350ක් ඉදිරි සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී පැවැති රැස්වීමකදී මේ බව ප්‍රකාශ කෙරිණි.
දිට්වා සුළි කුණාටුවෙන් පසු තත්ත්වය තක්සේරු කිරීම සහ සහන සේවා, ගලවා ගැනීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ආධාර සම්බන්ධීකරණය කිරීම වෙනුවෙන් රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සංවර්ධන හවුල්කරුවන් සහ ජාත්‍යන්තර ණය දෙන ආයතන එක්රැස් කරමින් මේ රැස්වීම කැඳවා තිබිණි.
මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවට සහාය ලබා දීමේ සිය කැපවීම මෙහිදී නියෝජිත පිරිස තහවුරු කළහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු මෙහිදී සඳහන් කළේ, විස්තීර්ණ අරමුදල් පහසුකමේ හයවන වාරිකය වන ආසන්න වශයෙන් අෙමරිකානු ඩොලර් මිලියන 350ක් සති දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර මහත්වරු ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලය, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රධාන භාණ්ඩාගාර දෙපාර්තමේන්තු නියෝජිතයෝ සහභාගි වූහ.
උපාලි කරුණාරත්න
Source – Dinamina







