BREAKING NEWS
Search

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක්

279

‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැගීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදීමට තීරණය කර තිබේ.

එම පැකේජයට අමෙරිකානු ඩොලර් මිලියන 350 ක සහනධායී ණය සහ අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පැවසීය.

‍’දිට්වා’ සුළි කුණාටුව මගින් බලපෑම් එල්ල වු නිවාස ප්‍රතිසංස්කරණය, සෞඛ්‍ය සහ අධ්‍යාපන කේෂ්ත්‍රයේ වර්ධනය කිරීම, දුම්රිය සහ පාලම් යාවත්කාලීන කිරීම මෙම පැකේජය මගින් ආවරණය කිරිමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් මහතා අද (23) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් දිවයිනට පැමිණියේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඔහු මෙම සංචාරය සිදුකරන අතර එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවීමට ද නියමිතය.

‍’දිට්වා’ සුළි කුණාටුවෙන් බලපෑම් එල්ල වූ ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ සහයෝගය තවදුරටත් තහවුරු කිරීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ සංචාරයේ අරමුණ වෙයි.

ada derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!