පුද්ගලයින් 28 දෙනෙකුට මරු කැඳවමින් ජම්මු සහ කාශ්මීරයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව විරෝධය පළ කරමින් ඉන්දියානු සම්භවයක් ඇති සමාජ ක්‍රියාකාරීන් කොළඹදී විරෝධතාවක!
පහල්ගම් ප්‍රහාරයට විරෝධය පළ කරමින් ඉන්දීය සම්භවයක් ඇති ක්‍රියාකාරීන් සහ සම්භාවනීය පිරිසක් පකිස්ථාන තානාපතිවරයාට එරෙහිව කොළඹදී විරෝධතාවක් පැවැත්වූහ.
විරෝධතාකරුවන් පෙන්වා දුන්නේ මිනිසුන් ඝාතනය කිරීමෙන් කිසිදු විසඳුමක් ලබා ගත නොහැකි බවත්, ඒ වෙනුවට සියලු දෙනා සමගියෙන්, සාමයෙන් සහ සමගියෙන් ජීවත් විය යුතු බවත්ය. පාකිස්තානය මෙවැනි ම්ලේච්ඡ ක්‍රියා මැඩපැවැත්වීමටත්, රට තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදීන් සහ ත්‍රස්ත ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමටත් ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතා දැක්වූහ.