BREAKING NEWS
Search

ශිරන්තිගේ නමට ඇති කෝටි 40ක නිවසක් ගැන විමර්ෂණ අරඹයි

789

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගත් බව කියන, කොළඹ 05, ටොරින්ටන් මාවතේ පිහිටි රුපියල් කෝටි 40ක් පමණ වටිනා නිවසක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු විසින් බවද පැවසේ.

පැමිණිල්ලට අදාළව කරුණු තහවුරු කර ගැනීම සඳහා කොමිසම විසින් මේ වනවිටත් පැමිණිලිකරුගෙන් වැඩිදුර ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

විමර්ශනවල මීළඟ පියවර ලෙස ශිරන්ති රාජපක්ෂගෙන්ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

පැමිණිලිකරු පෙන්වා දෙන්නේ 2001 වසරේ සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වන තෙක්ම සිය පවුලේ පිරිස සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති බවයි.

ඔහු ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව, අදාළ නිවස ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.

එම නිවස මිලදී ගැනීම සඳහා වැය කළ අරමුදල් සපයා ගැනීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බැවින්, ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස පැමිණිලිකරු අල්ලස් කොමිසමෙන් ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

| lankatruth




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!