BREAKING NEWS
Search

නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් හිටපු ඇමතිලා තුනක් ගැන විමර්ශන.

559

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය විසින්, හිටපු අමාත්‍යවරුන් තිදෙනකු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ, 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනතට අනුව ය.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, මෙම විමර්ශනය හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, අනුර ප්‍රියදර්ශන යාපා, සහ රෝහිත අබේගුණවර්ධන වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරේ.

ඔවුන්ගේ වත්කම් උපයාගැනීම් සහ ඒ සඳහා යොදාගත් ක්‍රමවේදයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වේ.

මෙම විමර්ශනයේ ඉදිරි කටයුතු ලෙස, අදාළ හිටපු අමාත්‍යවරුන් තිදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඉදිරියේදී ඔවුන් අදාළ අංශයට කැඳවීමට නියමිත බව පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කරයි.

මෙම පරීක්ෂණ මගින් අනාවරණය වන කරුණු මත නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වේ.

 

 

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!