BREAKING NEWS
Search

ඉරානය හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දමයි !

2053

 

ඉරාන රජය පෙරළීමේ එක්සත් ජනපද කුමන්ත්‍රණය නිසැක පරාජය දකින බව ඉරානයේ අධ්‍යාත්මික නායක,

අයතොල්ලා අලි ඛමෙනි (17) අනතුරු ඇඟවීය. ඒ, දෙරට අතර වක්‍ර තලයේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා ද පැවැත්වෙන අතරය.

සාකච්ඡා ඇරඹී පැය කිහිපයකට පසු ඉරානය, හෝර්මුස් සමුද්‍ර සන්ධිය තාවකාලිකව වසා දමන බව එරට ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය දැනුම් දුන්නේය. ආරක්ෂක හේතූන් මත එම පියවර ගත් බව ඉරානය පවසයි.

ලොව ප්‍රධානතම, ජාත්‍යන්තර තෙල් ප්‍රවාහන සමුද්‍ර මාවතක් වන එහි, මේවන විට ඉරාන හමුදා අභ්‍යාස ක්‍රියාත්මකය. ඉරානයට එරෙහි සන්නද්ධ ප්‍රහාරයක දී එය මුලුමනින් වසා දමන බවට ටෙහෙරානය මීට පෙර තර්ජනය කළේය.

එක්සත් ජනපදයට සිය රජය බලහත්කාරයෙන් පෙරළිය නොහැකි බව, අද සාකච්ඡා ආම්භ වීමත් සමග ඉරාන නායක ඛමෙනි කියා සිටියේය.

“ලොව ශක්තිමත්ම හමුදාව තමන් සතු යැයි, එක්සත් ජනපද නායකයා උදම් අනනවා. එහෙත්, එක කණේ පහරකින් එම හමුදාව නොනැගිටින සේ සමතලා කර දැමිය හැකියි,” ඔහු තර්ජනය කළේය.

(සටහන | Reuters ඇසුරින්: හර්ෂ උදයකාන්ත පීරිස් )




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!