BREAKING NEWS
Search

ඇමරිකාවට පහර දෙන්න ඉරානය සැරසේ…

3846

ඉරානය පුරා පවතින අර්බුදය මුල් කරගනිමින් ආරම්භ වූ විරෝධතා මේ වන විට වසර ගණනාවකට පසු එරට ඇති වූ දරුණුතම නොසන්සුන්කාරී තත්ත්වය දක්වා වර්ධනය වී තිබේ.
තමන්ට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ටෙහෙරානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.

ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම අවස්ථාවේදී එක්සත්ව කටයුතු කරන ලෙසයි. සම්බාධක හේතුවෙන් දැඩි පීඩාවට පත්ව ඇති ඉරාන ආර්ථිකය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට ද ඔහු මෙහිදී ප්‍රතිඥා දී තිබේ.

සති දෙකකට වැඩි කාලයක් පුරා පවතින මෙම උද්ඝෝෂණ හමුවේ මේ වන විට ආරක්‍ෂක අංශ සාමාජිකයින් අවම වශයෙන් 120 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා කරයි.

එහෙත් විපක්ෂ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ සැබෑ මරණ සංඛ්‍යාව මීට වඩා බෙහෙවින් වැඩි බවත්, මියගිය අය අතර සිවිල් විරෝධතාකරුවන් දස ගණනාවක් ද සිටින බවත් ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!