BREAKING NEWS
Search

ඉරානයට ඊශ‍්‍රායලයට යලි පහර දේ.. ටෙල් අවිවු විශාල පිපිරුම්..

4462

 

lanka C news

ඉරානය විසින් ඊශ්‍රායලය වෙත නව මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බවත්, වහාම ආරක්ෂිත ස්ථාන සොයා යන ලෙස ඊශ්‍රායල හමුදාව නිවේදනය කර ඇත.

රටේ ප්‍රදේශ කිහිපයක ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් හඬ සක්‍රීය කර ඇති බවද ඊශ්‍රායල හමුදාව සඳහන් කළේය.

මෙම නව නිවේදනය නිකුත් කර ඇත්තේ, මීට පෙර එල්ල වූ ප්‍රහාරයක් අවසන් වී ඇති බවත්, බෝම්බ නවාතැන්වලින් පිටවීම දැන් ආරක්ෂිත බවත් හමුදාව මහජනතාවට දැනුම් දුන් මොහොතකින් පසුවය.

රොයිටර් පුවත් සේවය වාර්තා කරන්නේ ටෙල් අවිව් නගරය පුරා පිපිරීම් හඬ ඇසුණු බවත්, මධ්‍යම හා දකුණු ඊශ්‍රායලය පුරා ගුවන් ප්‍රහාර අනතුරු ඇඟවීමේ සයිරන් හඬ ක්‍රියාත්මක වන බවත්ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!