BREAKING NEWS
Search

කන්ඩායම තනි කර කල්ලියක් සමග පකිස්තානයෙන් පනින්න හදපු චරිත්ගේ නායකත්වය වැට උඩ..?

3287

ජේෂ්ඨ මාධ්‍යවේදී Rex කියන විදිහට චරිත්ට ලෙඩ වුනේ නිකන් නෙමෙයි. සමහරවිට චරිත් අසලංක විස්සයි විස්ස නායකයෙක් විදිහට එළැඹෙන විස්සයි විස්ස ලෝක කුසලානයේ ක්‍රීඩා නොකරනු ඇති බවත් කන්ඩායමේ ස්ථානයක් සොයා ගැනීමටත් ඔහුට සටන් කිරීමට සිදුවන බවත් ඔහු වාර්තා කරලා තියෙනවා.

ඊට හේතුව විදිහට කියන්නේ නායක චරිත් අසලංක පකිස්තාන එක්දින තරගාවලිය අතරමග ආරක්ෂක ගැටලු හේතුවෙන් ලංකාවට එන්න හදපු කාරණය…

මීට දින කිහිපයකට කලින් දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පතක් වුන Sunday times පුවත්පත වාර්තා කරපු විදිහට ශ්‍රී ලංකා කන්ඩායම පකිස්තානයේ සිටියදී නායක චරිත් ඇතුළු කන්ඩායමේ කල්ලියක් තරගාවලිය අතරතුර ලංකාවට එන්න ගුවන් ටිකට්පත් පවා වෙන් කරගත් බවට එහී පල කරලා තිබුනා.

සමහරවිට නායකයෙක් විදිහට ඒ වෙලාවේ චරිත් කටයුතු කරපු ආකාරය නිසා මේ විදිහට ඔහුව නායකත්වයෙන් ඉවත් කරන්න යනවද දන්නේ නැ…

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *