BREAKING NEWS
Search

සංවිධානාත්මක කුමන්ත්‍රණයක්ද ? මෙරට තුල ආබාධිත වන අලි සංඛ්‍යාව ඉහලට..!

583

 

දිවයින පුරා ආබාධිත තත්ත්වයේ පසුවන වනඅලි 20 දෙනෙකු සඳහා වනජීවි නිලධාරීන් විසින් ප්‍රතිකාර සිදුකරමින් පවතින බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රතිකාර ලබන වන අලින්ගෙන් වැඩි දෙනෙකු වෙඩි වැදීම්වලට සහ මදුවලට හසුවී පාද ආබාධයට ලක්වූ අලින් බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව අනුරාධපුර වනජීවි කලාපයේ වන අලින් 8 දෙනෙකු, පොළොන්නරුව වනජීවි කලාපයේ වන අලින් සිව්දෙනෙකු, වයඹ වනජිවි කලාපයේ වන අලින් තිදෙනෙකු සහ ඌව වනජීවි කලාපයේ වන අලින් පස් දෙනෙකු එලෙස ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

මේ අතර වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා පැවසුවේ දිගම්පතහ ප්‍රදේශයෙන් වාර්තා වු වන අලි මරණ තුන සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ වෙනත් සහය ලබාදෙන ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

එමෙන්ම සංවිධානාත්මක කණ්ඩායමක් විසින් වන අලින් ඝාතනය සිදුකරන බව සත්ත්ව සුබසාධක ප්‍රජාව නියෝජනය කරමින් ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පුජ්‍ය පාගොඩ ජනිතවංශ හිමි පැවසුවේය.

Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!