BREAKING NEWS
Search

වෙල්ලාලගේද ? තීක්ෂණද ? තීරණය අද… හොංකොං තරගයට ක්‍රීඩා කරන අපේ කන්ඩායම මෙන්න…?

1205

බංග්ලාදේශ තරගය දිනුම්… දැන් ඒක ඉවරයි. මේක අලුත් තරගයක්…ප්‍රතිවාදියා හොංකොං… එහෙමයි කියලා සැහැල්ලුවට ගන්න බැ… බර දාලා දිනන්න වෙනවා. මොකද මේ මැච් එකේදී අපිට අපේ NRR එක උස්සා ගන්න හුඟාක් වැදගත් තරගයක්… එහෙමයි කියලා ලේසියට අරන් කලබල වෙලා වැඩේ අවුල් කරගන්නත් බෑ… සීරියස් ගේම් එකක් මේකත්…

බංග්ලාදේශ තරගය ගැහුවා වගේ අපේ විදිහට මේකත් කෝච් සනා කියනවා වගේ හොංකොං ටීම් එක පාගලම දාන්න ඕනි.

මේ තරගය තියෙන්නේ ඩුබායි වල… අබුඩාබි තරගයේ අපි වේග පන්දු යවන්නන් 3දෙනෙක් එක්ක ගියේ ඒ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක නිසා.. හැබැයි ඩුබායි වලට එද්දී ඒක වෙනස්… අපි බැලුවොත් ඩුබායි වල මේ ආසියානු කුසලානයේ හොඳ කන්ඩායම් ගහන කම්බිනේශන් වල ස්පින් 3ක් ක්‍රීඩා කරනවා. ඉන්දියාව බුම්රා හර්ඩික් එක්ක අක්ෂාර්, කුල්දීප් සහ වරුන් චක්‍රවර්ති කියන දඟ පන්දු යවන්නෝ තුන්දෙනාම ක්‍රීඩා කරවනවා. පකිස්තානයත් එහෙමයි…

ඉතිං අපි මේ තරගයේදී තණතීරුවට ගැලපෙන විදිහට අපේ කම්බිනේශන් එක වෙනස් කරගන්න වෙනවා.අපේ ටීම් එකේ දැන් යන කම්බිනේශන් එකත් එක්ක අපිට එක දඟ පන්දු යවන්නෙක් කන්ඩායමට කැදවන්න හැකියාව තියෙනවා. ඒ කලින් තරගයේ තුන්වෙනි වේග පන්දු යවන්නා විදිහට ක්‍රිඩා කරපු මතීෂ වෙනුවට…

වනිඳු ආයේත් ඇවිත් ඉන්නවා. මෙච්චර දවසක් වනිඳුගේ සපෝර්ට් එකට හිටියේ මහීෂ් තීක්ෂණ. හැබැයි මේ දවස්වල මහීෂ්ගේ දක්ෂතා හුඟාක් පහල මට්ටමක තියෙන්නේ…

වනිඳු එක්ක ක්‍රීඩා කරද්දී මහීෂ්ගේ ජොබ් රෝල් එක වුනේ එයාගේ economical spell එක… හැබැයි මේ අවුරුද්දේ තීක්ෂණගේ Economy එක 8.71ක්…

ඒක තමයි ප්‍රධානම හේතුව.. හැබැයි ඒ විතරක් නෙමෙයි පන්දු රැකීම පවා පසුගිය කාලේ තීක්ෂණගේ එච්චර හොද තත්ත්වයක තිබුනේ නැ… මේ තත්ත්වය උඩ අපිට මීලග දඟ පන්දු යවන්නා ගැන බලන්න වෙනවා. ඊලගට ඉන්නේ දුනිත්… වෙල්ලාලගේ ගත්තොත් එයාගේ තියෙන Option එක්ක කන්ඩායමට Extra Batting Option එකකුත් එනවා. ඒ වගේම පන්දු රැකීමත් වෙල්ලාලගේ තීක්ෂණට වඩා උඩින්…

වනිඳු වගේ චැම්පියම් බෝලර් කෙනෙක් කන්ඩායමේ ඉන්න නිසා දුනිත් වගේ කෙනෙක්ට මේ T20 එකේ හැදෙන්නත් ලොකු සපෝර්ට් එකක් වෙයි… ඉතිං රිෂී හිතනවා වෙල්ලාලගේ මේ තරගයට අනිවාර්යයෙන්ම ක්‍රීඩා කල යුතුයි කියලා…

තව දෙයක්… බැරි වෙලා හරි අපිට ප්‍රධාන දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක් ඕනි නම් ඒකත් කරන්න පුලුවන්.. වෙල්ලාලගේ සහ වනිඳු දෙන්නම තුන් ඉරියව් ක්‍රීඩකයින් නිසා දසුන්ව එළියෙන් තියලා ඕනි නම් තීක්ෂණත් ක්‍රිඩා කරවන්න පුලුවන්.

හැබැයි ඒ දේ වෙන්නේ තණතීරුව අනුව… බොහෝ දුරට මේ තණතීරුව එක්ක කන්ඩායමේ චරිත් සහ කමිඳු මෙන්ඩිස් දෙන්නත් ඉන්න නිසා දසුන් ක්‍රීඩා කරයි. අබුඩාබි තරගයේ තුන්වෙනි වේග පන්දු යවන්නා විදිහට ක්‍රීඩා කරපු මතීෂ වෙනුවට දඟ පන්දු යවන්නෙක් කන්ඩායමට කැදවයි.

ඒ කැදවීම වෙල්ලාලගේ වුනොත් ඒක කන්ඩායමට එන එක හැම පැත්තෙන්ම වාසියි. දසුන් ශානක කන්ඩායමේ හිටියට අන්තිම ඉනිම් 10ම ලකුණු 30 සීමාව ඉක්මවා ගිහින් තියෙන්නේ එක්වරක් පමණයි. පන්දු යවන්නෙක් විදිහට දසුන්ගේ පන්දුවාර 4ම නායකයා තරගයක් තුල ලබාගෙන තියෙන්නේ ඉනිම් 58ටම 5 පාරයි… එහෙම තත්ත්වයක් උඩ බැරි වෙලා හරි දසුන්ගෙන් ඔහුගේ රාජකාරිය ඉටු නොවුනොත් වෙල්ලාලගේ සහ වනිඳුගේ Batting Option දෙකක්ම තියෙන නිසා දසුන් වෙනුවට තණතීරුව අනුව ගැලපෙන පන්දු යවන්නෙක්ට හෝ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්ට අවස්ථාව දෙන්න පුලුවන්…

මේ දේවල් කියන්නේ දසුන්ව අයින් කරන්න කියලා නෙමෙයි. හැබැයි මේ වගේ තරගාවලියකට යද්දි අපි අපේ දුර්වල තැන්වලට ඔප්ශන් කිහිපයක්ම තියාගෙන ඉන්න එක වටිනවා.

අපේ වමත් පිතිකරුවන් 4ක්ම මැදපෙල ඉන්න නිසා මැද පන්දුවාරවල එයාලා ඕෆ්ස්පින් ගෙනත් ප්‍රෙෂර් එකක් දෙන්න හැදුවොත් අපිට වනිඳු, දසුන් වගේ කෙනෙක් උඩින් එවන්න පුලුවන්..

ඒ වගේම මේ තරගයේදී අපිට අපේ 5th bowling Option එක විදිහට කමිඳු වගේ පාවිච්චි කරන්න පුලුවන් නම් හොඳයි. කමිඳු මෙන්ඩිස්ගේ Batting වගේම පන්දුවෙනුත් එයාගෙන් වැඩක් ගන්න පුලුවන් නම් එයා කන්ඩායමට ලොකු වටිනාකමක් වේවී… ඉතිං දඟ පන්දු යවන්නන්ට හොද මේ තණතීරුව කමිඳු වගේ කෙනෙක් ඉස්සරහට ගේන්න හොද ඔපචුනටි එකක්…

ඒ අනුව අපේ කන්ඩායම,

පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
කමිල් මිෂාර
කුසල් ජනිත්
චරිත් අසලංක ( නායකයා )
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
වනිඳු හසරංග
දුනිත් වෙල්ලාලගේ
දුෂ්මන්ත චමීර
නුවන් තුෂාර

වැදගත්ම දේ basics වල ඉදගෙන බංග්ලාදේශ ගේම් එක ක්‍රිඩා කරපු මොරාල් එකෙන්ම මේ තීරණාත්මක තරගයත් ක්‍රීඩා කරලා කෝච් සනාට අනුව හොංකොං ටීම් එක පාගලම දාන එක.. ඒ දේ කරන්න අපේ කොල්ලොන්ට සුභ පතනවා…❤️

✍️ | Rishie Bro




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!