BREAKING NEWS
Search

2026 ලෝක කුසලානයේ Portugal සංචිතයට Ronaldo බරක්ද?

242

 

2026 ලෝක කුසලානයට ටිකෙන් ටික ලං වෙද්දී Portugal ජාතික කණ්ඩායම ගැන කතා වෙන විශාලම ප්‍රශ්නය තමයි Cristiano Ronaldo කණ්ඩායමට බරක් වෙයිද කියන එක? නමුත් මේ ප්‍රශ්නයට තනිව Ronaldo ගැන සලකා බලා පිලිතුරු සෙවීම වැරදී. ඇත්තටම මෙහිදී බලන්න ඕනේ Ronaldo එක්ක Portugal කණ්ඩායමට තියෙන විකල්ප මොනවද කියලා. අද Portugal කියන්නේ එක් ක්‍රීඩකයෙක් මත යැපෙන කණ්ඩායමක් නෙමෙයි. ඒක ක්‍රීඩකයන් ගණනාවකගේ කර මතින් යන ප්‍රහාරක බලයක්.

Portugal කණ්ඩායමේ ප්‍රහාරයේ මූලික ශක්තිය තියෙන්නේ කණ්ඩායමේ මැදපෙළ තුලින්. Bruno Fernandes කියන්නේ පන්දුව ඉදිරියට ගෙන යන්න පුලුවන්, අවස්ථා විශාල වශයෙන් නිර්මාණය කර දෙන්න පුලුවන්, තීරණාත්මක අවස්ථාවලදි හොඳින් ක්‍රීඩා කරන්න පුලුවන් ක්‍රීඩකයෙක්. ඔහුට අමතරව Bernardo Silva වගේ පන්දු පාලනය කරන, ක්‍රීඩාවේ වේගය පාලනය කරන ක්‍රීඩකයොත් මේ කණ්ඩායම තුල ඉන්නවා. මේ දෙන්නා සිටින නිසා Ronaldo හට කණ්ඩායම තුල බර මුලුමනින්ම සිය කරට ගැනීමට අවශ්‍ය වන්නෙ නෑ. ඒ නිසා බොහෝදුරට ඔහුට අවශ්‍ය වෙන්නේ දැල ආසන්නයේ සිට ගෝල සම්පූර්ණ කිරීම පමණි.

අද ලෝක කුසලානයක් ජයගන්න නම් වේගය අත්‍යවශ්‍යයි. මෙතන Portugalට තියෙන විශාලම අවිය වෙන්නෙ Rafael Leão. ඔහුගේ වේගය හා ශක්තිය පෘතුගාල කණ්ඩායමේ මේ ගමනට මනා පිටිවහලක් වෙන්න පුලුවන්. ඒකෙන් Ronaldoට ඉඩක් ලැබෙන්න පුලුවන් ඉතා ඉක්මනින් ගෝල වාර්තා කරන්න. හැබැයි Ronaldo කණ්ඩායමට බරක් වෙන්න පුලුවන් මෙතන නෙමෙයි. ඔහු මෙතැනදී ලැබෙන ඉඩ භාවිතා කරමින් අවසන් පහර දෙන්නා නිසා ඔහුගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය මත කණ්ඩායමේ අනාගතය තීරණය වෙන්න පුලුවන්.

Portugalට තවත් විශාල වාසියක් තියෙනවා, ඒ තමයි Gonçalo Ramos. Ramos කියන්නේ ඉදිරියෙන් ප්‍රතිවාදී කණ්ඩායම් වලට විශාල පීඩනයක් දෙන්න පුලුවන් නව යුගයේ දක්ෂ ප්‍රහාරකයෙක්. නමුත් Ronaldo කියන්නේ පන්දුව හොඳින් හඳුනාගෙන එය ගෝලයක් කරන්න පුලුවන්, හිසෙන් දක්ෂව පන්දුවට පහර දෙන්න පුලුවන්, අවසන් මොහොතේ විශ්වාසය තියන්න පුලුවන් ප්‍රහාරකයෙක්. ඒ වගේම තමයි මේක සමූහ තරඟයක් නිසා Ramos ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුලුවන්. නමුත් අවසන් වටවලදී,අවසන් මොහොතේ අනිවාර්‍ය ගෝලයක් ලබාගත යුතු අවස්ථා වලදී අනිවාර්‍යෙන්ම අත්දැකීම් බහුල Ronaldo වගේ ක්‍රීඩකයෙක් අවශ්‍යමයි.

ඒ වගේම තමයි João Félix කියන්නේ හොඳ හැකියාවක් තියෙන නමුත් සෑම විටම එකම මට්ටමේ දක්ෂතා පෙන්නුම් නොකරන ක්‍රීඩකයෙක්. ඉතින් Ronaldo විසින් පන්දුව ඉදිරියට රැගෙන යන විට Félixට හොඳ අවස්ථාවක් වෙනවා ගෝල ලබා ගන්න. මේ දෙදෙනා club මට්ටමින් එකම කණ්ඩායමේ තරඟ කරන නිසා අන්‍යෝන්‍යය වශයෙන් දෙදෙනාටම හොඳ අවබෝධයක් තියෙනවා ගෝල වාර්තා කරද්දි.

Ronaldo සමඟ Portugal කණ්ඩායම ක්‍රීඩා කරද්දී, කණ්ඩායමට හිසෙන් පන්දුවට පහර දීම, දඬුවම් පහර ලබා ගැනීම, අවසන් මොහොතේ පීඩනය එල්ල කර ගෝල ලබා ගැනීම කියන විශාල වාසියක් තියෙනවා. ඒ වගේම තමයි Ronaldo නැතිව ක්‍රීඩා කරද්දී, කණ්ඩායම ඊට වඩා වේගවත් වෙන්න පුලුවන්, එකිනෙකා අතර සිදු වන ස්ථාන මාරු වැඩි වෙන්න පුලුවන්. නමුත් ඒ වෙලාවට අවශ්‍ය වෙන්නේ අවසානයේ ගෝලය වාර්තා කරන ක්‍රීඩකයා කවුද කියන ප්‍රශ්නය.

ලෝක කුසලානයේ අවසන් තරග, දඬුවම් පහර මාලා (Penalties), අවසන් මිනිත්තු වල පීඩනය හසුරුවා ගන්නා ආකාරය පිළිබඳව පොතපතින් හෝ පුහුණුවෙන් අවබෝධයක් ගන්න බෑ. මෙතන වැඩ කරන එකම දේ තමයි අත්දැකීම. ඉතින් Ronaldo මේ හැම දේම තුලින් ජීවිතේ දැකපු ක්‍රීඩකයෙක්. ඔහු කණ්ඩායමට ගෙන එන්නේ ගෝලයක් විතරක් නෙමෙයි, අවසාන මොහොතේ පවා අතහැර යන්න නොදී රැකගන්න විශ්වාසය.

ඉතින් Ronaldo කණ්ඩායමට බරක් වෙන්නේ ඔහුට සෑම තරගයක්ම, සෑම මිනිත්තුවක්ම අනිවාර්‍යයෙන් ක්‍රීඩා කරන්න වුනොත්. නමුත් ඔහු සමහර තරගවල ආරම්භයෙන්, සමහර තරගවල අවසන් මොහොතේ භාවිතා කළොත්, ඔහු Portugal කණ්ඩායමට විශාල වාසියක් වෙන්න පුලුවන්.

ඉතින් මට කියන්න තියෙන්නෙ Ronaldo කියන්නෙ කණ්ඩායමට බරක් නෙමෙයි. ඔහුව නිවැරදි විදිහට භාවිතා කළොත්, Portugal ප්‍රහාරය සම්පූර්ණ කරන අවසන් අවිය වෙන්නෙ Ronaldo.

ඉතින් Cristiano Ronaldo කියන්නේ කිසිසේත්ම ගැටළුවක් නෙමෙයි. ගැටළුව වෙන්නේ ඔහු භාවිතා කරන විදිහ.

උපුටාගැනීමක්..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!