BREAKING NEWS
Search

මෙරට විශාලම හස්තියා ‘කාවන්තිස්ස’ට ජීවිත අවදානමක්?

1315

 

අලි ඇතුන් ශ්‍රී ලංකාවේ අභිමානය සහ ප්‍රෞඩත්වය ලොවට කියාපාන සංකේතයකි.

එහෙත් අලිමිනිස් ගැටුම හේතුවෙන් මෑතකාලයේ මෙරටට අහිමි වූ අලි ඇතුන් සංඛ්‍යාව අති මහත්ය.

ශ්‍රී ලංකීය හස්තිරාජ පරපුරේ ප්‍රෞඩත්වය ලොවට කියාපාන වත්මන් විශාලතම සද්ධන්තයා වන කාවන්තිස්ස මුල්වරට හඳුනාගැනුණේ 2012 වසරේදීය.

එතෙක් මෙරට වනාන්තර ආශ්‍රීතව සිටි තේජාන්විතම හස්තියා වූ සියඹලන්ගමුවේ හස්තියාගේ ඛේදනීය මරණයත් සමඟ කාවන්තිස්ස කරළියට පැමිණියේය.

කෙසේවෙතත් පසුගිය දශක කිහිපය තුළ සිදුවූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කලාවැව, බල්ලුවැව ප්‍රදේශයේ සිට ගල්ගමුව, තබ්බෝව හා විල්පත්තුව දක්වා වූ කාවන්තිස්සගේ වාර්ෂික ගමන් මාර්ගය මේ වනවිට අහිමි වී අවසන්ය.

එමෙන්ම පාලුකඩවල, මහගල්ගමුව, ඉගිනිමිටිය වැනි වැව් රක්ෂිත දිනෙන් දින මිනිසුන් විසින් වගාවන් සහ වෙනත් කටයුතු සඳහා එළිපෙහෙළි කිරීම හේතුවෙන් කාවන්තිස්සට සිය වාසභූමියද මේ වනවිට අහිමි වී තිබේ.

කාවන්තිස්ස සැරිසරන්නේ ගල්ගමුව සහ අඹන්පොළ ප්‍රදේශ ආශ්‍රීතවය.

මෙම ප්‍රදේශවලදී මෑතකදී භාතිය සහ අස්ථික කියන්නාවු ඇතුන් දෙදෙනාම ඝාතනයට ලක්වුණි.

වඩාත්ම බරපතළ කාරණාව වන්නේ මේ වෙද්දි කාවන්තිස්සගේ ශරීරයේ වම් පසද මෑතකදී සිදුවූ වෙඩි පහර යැයි සැකකළ හැකි තුවාල කිහිපයක් දක්නට ලැබීමයි.

ඒ වගේම මේ වෙද්දි කාවන්තිස්ස නායකත්වය දෙන රංචුවේද පාදවලට බදින තුවක්කු වෙඩි වැදුනු අලි කිහිපදෙනෙක් සිටී.

මේ කරුණු කාරණා ඔස්සේ පෙනී යන්නේ කාවන්තිස්සත් මේ වනවිට බරපතළ ජීවිත අවදානමකට මුහුණදීලා ඇති බවය.

Source – Ada Derana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!