BREAKING NEWS
Search

මහින්ද රාජපක්ෂ හිටපු නිල නිවස වීඩියෝ කර ජනතාවට පෙන්නන්න සූදානමක්..?

3208

මහින්ද රාජපක්ෂ මහතා නිල නිවස ඉවත් වීමෙන් පසු ආණ්ඩුවේ නායකයන් විසින් ලබා දුන් පොරොන්දු ඉටු කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

තෙල් මිල සහ විදුලි බිල අඩු කරන බවට රජය පොරොන්දු වූ බවත් එම පොරොන්දු අනුව හෙට ඉඳලා තෙල් මිල අඩු විය යුතු බවත්, විදුලි බිල තුනෙන් එකකින් අඩු විය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය.

එසේම, බෙහෙත්, අධ්‍යාපනය සහ පාසල් පොත් පත් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කළ යුතු බවටද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ජීවත් වූ නිවස වීඩියෝ කණ්ඩායමක් සමඟ පෙන්වා, “මෙන්න මෙහෙමයි මහින්ද රාජපක්ෂ සැප වින්ද” යැයි කියමින් ජනතාවගේ සිත්වල වෛරය වපුරන්නට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බවත් බව අතුකෝරාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

copied




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!