පහුගිය ටිකේ පැතුම්ගේ පිත්ත නිහඬ වුනා. හැබැයි.. නිහඬයි කියලා හිතන්න එපා… සමහර නිහැඬියාවන්ට පස්සේ මහා ලොකු කුණාටු එනවා.. හරියට අද වගේ..
පහුගිය ඉනිම් ටිකේම අසාර්ථක වුනු පැතුම් නිස්සංක අද ආයෙමත් අළු ගසා දමා නැගිටිනවා..
මේ මොරාල් එක හැදෙන්නේ අතහැරුණු උඩ පන්දුවෙන්.. රැකගන්න තිබුණු පහසු උඩ පන්දුවක් අතහැරලා මොරාල් වැටිලා තිබුණු වෙලාවේ පැතුම් ඇවිත් තමන්ගේ අතින් වෙච්චි වැරැද්ද නිවැරදි කරනවා. ඒ තරම් විශිෂ්ට උඩපන්දුවක්..

ඒ ආපු මොරාල් එක කොල්ලා බැට් කරන්න එද්දිත් අරන් එනවා. කලින් ඉනිම් 9ම බැරි වුනු ගිය අවුරුද්දේ රාවල්පිණ්ඩි වලදී නොදැවී ලකුණු 98ක් ලබාගෙන අහිමි වුනු ශතකය ඔහු අද සම්පූර්ණ කරනවා.
කාලයක් තිබ්බා අපේ එකෙක් විස්සයි විස්ස ශතකයක් ගහනවා දකින්න හීන දැකපු… දැන් අපේ එකෙක් ශතක පිට ශතක ගහනවා ආසාවෙන් දකින්න මේ ඇස් පිං කරා..
පැතුම් නිස්සංක
අඩෝ ඇඬෙනවා…!
ජාත්‍යන්තර විස්සයි විස්ස ශතක දෙකක් හිමි එකම ශ්‍රී ලාංකිකයා.. ඒවත් පොඩි පොඩි රටවල් වලට නෙමෙයි. එකක් ඉන්දියාවට අනික ඕස්ට්‍රේලියාවට…
මහේලගෙන් පස්සේ අපේ එකෙක් ලෝක කුසලානයක විස්සයි විස්ස ශතකයක් ගහනවා දකින්නත් මේ ඇස් පිං කරා..!
ඒ සේරම එක්ක පටන් ගත්ත වැඩේ ජයග්‍රහණය දක්වාම අරන් ගිහින් වාර්තා අලුත් කරලා කොල්ලා ගේම දිනවලාම ඉවර කරා…
මේ තමයි අපි හොයපු පැතුමා..!
පන්දු 52යි නොදැවී ලකුණු 100යි. හතරේ පහරවල් 10යි හයේ පහරවල් 5යි ප්‍රහාරාත්මක වේගය 192.3යි..!
පැතුමා..
කියන්න වචන නෑ මචං…
කාලෙකින් දැකපු සුපිරිම ඉනිමක්…!
✍ | Rishie Bro







