BREAKING NEWS
Search

ඔබේ දරුවාත් මේ වයස් සීමාවේද..? ඉහළ ශ්‍රේණිවල ඉගෙන ගන්න සිසුන් ගැන විශේෂ අනාවරණයක්..

80
මේ කියන්න යන්නේ පාසල් වයසේ පසුවන දරුවන් ගැන තවත් විශේෂ වුණු අනාවරණයක්.

ඔබේ දරුවාත් මේ වයස් සීමාවේ පසුවෙන අයෙක් නම් මව්පියන් ලෙස ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න. 


ශ්‍රී ලංකාවේ පාසල්වල ඉහළ පංතිවල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් සියයට 24ක් දෙනා විෂාදීය රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාස සදහන් කරනවා.

සෑම දරුවන් 10න් 6 දෙනකු එනම් දරුවන්ගෙන් සියයට 60ක ප්‍රමාණයක් කිසියම් මානසික පීඩනයකින් පෙළෙන බව ද කැළණිය විශ්ව විද්‍යාලය සහ මොනෑෂ් විශ්ව විද්‍යාලය එක්ව සිදු කළ පර්යේෂණයකින් හෙළිව ඇතැයි ද මහාචාර්යවරයා මෙහිදී පැවසුවා.

දරුවන්ට අධ්‍යාපන පිළිබඳව තිබෙන පීඩනය, දෙමාපියන් සමඟ තිබනෙ ගැටලු, සමාජ මාධ්‍යයට වැඩි වශයෙන් නැඹුරු වීම, ශාරිරිකව හා මානසික ඇතිවන පීඩා මෙයට හේතු වී ඇති බව පර්යේෂණයෙන් තහවුරු විනැයි ද මහාචාර්යවරයා සඳහන් කළා.

එම පර්යේෂණයට අනුව ලංකාවේ ජනගහනයෙන් සියයට 19ක් දෙනා විශාදයේ ලක්ෂණ පෙන්නුම් කරන බව ද හෙතෙම අවධාරණය කළා.

රාත්‍රියේදී පැය 7 -8 සුව නින්දක් ලබා ගැනිම, විද්‍යුත් තිර භාවිතය පාලනය කිරීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලකිම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය මැඩ පැවැත්වීම හා දිනපතා ඉලක්කයකට අනුව කටයුුතු කිරීම මේ සඳහා පිළයම් ලෙස හඳුන්වා දිය හැකි බව මහාචාර්යවරයා සඳහන් කරනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *