ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමේ සටනේදී ප්‍රබල මෙහෙයක් ඉටු කල ඉතා නිර්භීත හා විශිෂ්ඨතම රණවිරුවෙකි. ශ්‍රී ලංකා යුධ හමුදා දුරදිග විහිදුම් බලකායේ විශිෂ්ඨ රණවිරුවකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ දැයෙන් සමුගෙන අදට වසර 17සපිරේ. 2008 නොවැම්බර් 26 වන දින එනම් අද වැනි දිනක කොටි පාලනය කල ප්‍රදේශයක රහසිගත මෙහෙයුමක් අතරතුරදී ඔට්ටුසුඩාන් හිදී කොටි ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව දැයෙන් සමුගන්නා විට ඔහු 31 හැවිරිදි විය.
කොටි ත්‍රස්තයන් අණසක පැතිරවූ සතුරු බල ප්‍රදේශ ඇතුළටම ගොස් විශිෂ්ඨ දස්කම් දැක්වූ දුරදිග විහිදුම් බලකාය එල්ටී ටී ඊ නායක ප්‍රභාකරන් පවා බිය වූ හමුදා කණ්ඩයක් විය. කොටි ගුවන් බලකායේ ප්‍රධානියා වූ ශංකර් හා මුහුදු කොටි අංශයේ දෙවනියා වූ කංගේ අමරන් මෙන්ම සන්නද්ධ බුද්ධි නායක චාර්ල්ස් ඇතුළු ඉහළ පෙලේ කොටි නායකයන් රැසක් කර්නල් ලලිත් ජයසිංහ මෙහෙයවූ දුරදිගවිහිදුම් බලකායෙන් ඝාතනයට ලක් වූ බව එල්ටීටීඊය පවා එකල පිළිගෙන තිබිණ.
ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන නිර්භීතම සම්මානය වන වීර වික්‍රම විභූෂණය (WWV) පදක්කම දෙවරක් ලබාගත් එකම නිලධාරියාද වේ. (මීට අමතරව රණ වික්‍රම, රණ ශූර වැනි සම්මාන රැසක් දිනා ඇත) අවිස්සාවේල්ල ජනාඪිපති විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ලලිත් ජයසිංහ කොලඹ ලුම්බිණි විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.
ජාතියේ පිනට පහළවූ විරල හා උත්තම ගණයේ මහවිරුවාණෙනි මේ නිර්මාණය ඔබට උත්තමාචාරයක්ම වේවා!
✍ SL Forces එකමුතුව( චායාරුපය AI තාක්ෂණය බාවිතයෙන් සකසා ඇත )







