BREAKING NEWS
Search

මහින්ද වගේ අසනීපකරුවෙක් කොළඹින් එළවීම වරදක් – බයවෙන්න එපා අපි ඉන්නවා – සරත් N සිල්වා

1759

 

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යව පැවති මොහොතක, ඔහුව කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසින් ඉවත් කිරීම තමන් තරයේ හෙළාදකින බව හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

 

 

ඒ මහතා මෙම අදහස් පළ කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසා බැලීම සඳහා පෙරේදා (17) රාත්‍රියේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස වෙත පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. මෙම හමුවේදී හිටපු ජනාධිපතිවරයා විසින් සරත් එන්. ද සිල්වා මහතාව ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර, “බිය වෙන්න එපා, අපි ඉන්නවා” යනුවෙන් පවසමින් හිටපු අගවිනිසුරුවරයා විසින් ඔහුව දිරිමත් කර තිබේ.

තම දශක ගණනාවක මිත්‍රත්වය සිහිපත් කළ සරත් එන්. ද සිල්වා මහතා සඳහන් කළේ, 1970 වසරේදී තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස පත්වූ මහින්ද රාජපක්ෂ මහතා නීතිමය කටයුත්තක් සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී තමන් ඔහුව ප්‍රථම වරට හඳුනාගත් බවත්, එතැන් පටන් එම මිත්‍රත්වය නොකඩවා පැවති බවත්ය.

Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *