BREAKING NEWS
Search

වලාකුළු පීරගෙන කඳු මුදුනට යන්න විනාඩි 10 යි! චීනයේ “මැජික්” කඳු නැගීම

568

 

කඳු නගිනවා කිව්වම මතක් වෙන්නේ මොකක්ද? දාඩිය දාගෙන, හති වැටිලා, කකුල් රිදෙනකම් පැය ගාණක් කන්දක් උඩට ඇදෙන එක නේද? හැබැයි චීනයේ මේ අලුත් වැඩේ දැක්කොත් ඔයාට හිතෙයි “අම්මෝ, මටත් මේ වගේ කඳු නැගීමක් තිබුණා නම්!” කියලා.


නැගෙනහිර චීනයේ ජියැන්සි (Jiangxi) පළාතේ තියෙන ලින්ග්ෂාන් (Lingshan) කඳු පන්තිය දැන් ලෝකය පුරාම වෛරල් වෙලා. හේතුව? මෙතන කඳු මුදුනට යන්න පඩිපෙළ නගින්න ඕන නැහැ. නිකම්ම “Escalator” එකට (විදුලි පඩිපෙළට) ගොඩ වුණාම, වලාකුළු අතරින් ඔයාව ඉබේම කඳු මුදුනට අරන් යනවා! ☁️🪜

මීටර් 1,500ක් විතර උස මේ යෝධ කන්ද නගින්න සාමාන්‍යයෙන් පැය දෙකක්වත් යනවා. හැබැයි 2022 දි පටන් ගත්ත මේ “Outdoor Escalator” ව්‍යාපෘතිය නිසා දැන් ඒ ගමනට යන්නේ විනාඩි 10 යි. මුහුදු මට්ටමේ ඉඳන් “Sea of clouds” දර්ශනය බලන්න ආසාවෙන් හිටපු, ඒත් කඳු නගින්න බැරි ආච්චිලා සීයලාට සහ පොඩි ළමයින්ට මේක නම් නියම අවස්ථාවක්.

මේ වැඩේ ලින්ග්ෂාන්වලට විතරක් සීමා වෙලා නැහැ. තවත් තැන් කිහිපයකම මේ “Painless Climbing” (වෙහෙසක් නැති කඳු නැගීම) දකින්න පුළුවන්:

ෂෙජියැන්ග් හි ෂෙන්ෂියැන්ජු (Shenxianju): මෙතනත් මේ වගේම පහසුකම් තියෙනවා

• ටියාන්යු කන්ද (Tianyu Mountain): කියැන්ඩාඕ විල (Qiandao Lake) ළඟ තියෙන මේ කන්දෙත් විදුලි පඩිපෙළක් තියෙනවා.

• ටියාන්මෙන් කන්ද (Tianmen Mountain): මේක ටිකක් වෙනස්. මෙතන තියෙන්නේ මීටර් 897ක් දිග “Tunnel Escalator” එකක්!

ඒක කන්ද ඇතුලේ උමගක් වගේ හදලා තියෙන්නේ.
හැබැයි මේ ගැන හැමෝම සතුටු නැහැ. සමහර සංචාරකයෝ කියනවා “මේක තමයි නියම වැඩේ! ඕනම කෙනෙක්ට සොබාදහම විඳින්න පුළුවන්,” කියලා. ඒත් පරිසරයට ආදරය කරන අය සහ තාත්වික කඳු නගින්නන් කියන්නේ මේකෙන් කඳු නැගීමේ තියෙන අභියෝගය (“Challenge”) නැති වෙනවා වගේම, කඳුකරයේ ලස්සනත් මැකෙනවා කියලා. එයාලා කියන්නේ මේක නිකන් “Selfie line” එකක් වෙලා කියලා.

ඇත්තටම කිව්වොත්, ඔයා එතන හිටියා නම් තෝරගන්නේ මොකක්ද? සාම්ප්‍රදායික කැලෑ පාරද? නැත්නම් සැප පහසු Escalator එකද?

උපුටාගැනීම –  Tharanga Gamage




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!