BREAKING NEWS
Search

රට හදන්න කල් යනවා.. විශ්ව කර්ම දිව්‍ය පූත්‍රයා වගේ මවන්න බෑ.. ඒව සුරංගනා කතා..- සරත්

729

 

ජාතික ජන බලවේග ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ ආර්ථිකය නැවතුනු රටක් යයි නිවාස නියෝජ ඇමති ටී.බී. සරත් මහතා සඳහන් කරයි.

ගත වූ වසර 76ක කාලය තුළ කිසිදු ආණ්ඩුවකට ආර්ථිකය නැවතුනු රටක් බාර ගැනීමට සිදු නොනූ බවත් ඔහු පෙන්වා දෙයි.

එනිසා රට හදන්න කාලයක් අවශ්‍ය බවත් විශ්ම කර්ම දිව්‍ය පුත්‍රයා මෙන් මවන්න බැරි බවද පැවසූ ඔහු ඒවා සුරංගනා කථා යයිද කියා සිටියේය.

වැඩසටහනකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.

‘රට භාර ගත්තේ අපි ආර්ථිකය නැවතිච්ච රටක්. අවුරුදු 76ක්ම කිසිඳු ආණ්ඩුවක් ආර්ථිකය නැවතිලා බාර ගත්තේ නැහැ. හැබැයි රට හදන්න කාලේ දෙන්න. විස්ම කර්ම දිව්‍ය පූත්‍රයා මේක මවනවා වගේ මවන්න බැහැනේ රට. ඒවා නිකන් සුරංගනා කතානේ’

Source – Asian Mirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *