BREAKING NEWS
Search

‘ රටට සැබෑ නිදහස ලබා දුන්නේ මහින්ද මහත්තයා..’ නාමල් රාජපක්ෂ කියයි.

257

ආණ්ඩුව මීට වඩා ජනතාවගේ ගැටලු ගැන සංවේදී විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ආණ්ඩුව නීත්‍යානුකූලව කටයුතු නොකර නිල නිවස සම්බන්ධයෙන් හන්දි ගානේ ප්‍රකාශ කිරීමෙන් ඵලක් නොමැති බවයි අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

නිවසින් ඉවත්වන ලෙස ලිපිය ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවත් එය ආණ්ඩුවේ නිවසක් බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.

රටට සැබෑ නිදහස ලබාදුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජප්පක්ෂ බවත් මෙතෙක් කිසිඳු නිදහස් දින උත්සවකට සහභාගී නොවූ ජාතික ජන බලවේගය නිදහස් දිනය සැමරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!