BREAKING NEWS
Search

එප්පාවලදී කුඩු සමග හසුවූයේ විදුහල්පති කෙනෙකු නොවේ – වැඩ බැලූ ගුරුවරයෙක්..

994

පසුගිය දා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූ අනුරාධපුර එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයා යැයි හඳුන්වනු ලැබූ පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය විසින් අද දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කර ඇත.

හෙරොයින් කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සමඟ පසුගිය පස් වනදා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පිළිබඳව මාධ්‍ය ඔස්සේ ‘විදුහල්පතිවරයෙක්’ යනුවෙන් පුළුල් ලෙස ප්‍රචාරය වුවද, ඔහු සැබවින්ම ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු නොවන බව එම සංගමය සිය නිවේදනය මගින් අවධාරණය කර සිටී.

අදාළ පුද්ගලයා ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු පමණක් බව මේ වන විට තහවුරු වී ඇති අතර ඔහු පාසලේ විදුහල්පති ධූරයේ රාජකාරි ආවරණය කිරීමක් පමණක් සිදු කර ඇති අයෙකු බව ශ්‍රී ලංකා වෘත්තීයවේදී විදුහල්පතිවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

‘විදුහල්පති’ යන ගෞරවනීය නාමය භාවිතා කළ හැක්කේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයට අයත් ශ්‍රේණිධාරී නිලධාරීන් සඳහා පමණක් බවත්, එසේ නොවන පුද්ගලයින් සඳහා එම නාමය භාවිතා කිරීම සමස්ත විදුහල්පති සේවයටම සිදු කරන බලවත් අසාධාරණයක් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

එබැවින් ඉදිරියේදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමේදී අදාළ සැකකරු ‘විදුහල්පතිවරයෙකු’ ලෙස නොව “ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරියෙකු” ලෙස හැඳින්වීමට කටයුතු කරන ලෙස එම සංගමය මාධ්‍ය ඇතුළු අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටී.

Source – Gossip Lanka News




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!