BREAKING NEWS
Search

“රෑ වෙද්දී හොඳටම වහිනවා… ඉන්නම බෑ.. කන්න දෙයකුත් නෑ.. තැඹිලි කඩාගෙන බිව්වා…” – තැඹිලි ගසට නැග දිවි බේරාගත් ඔහු කියන කතාව..

435

 

පසුගිය දා සිදු වූ මහා ව්‍යසනයෙන් ගොඩක් අය පිඩාවට පත් වුණා.

ඒ අතරේ හරක් බදින්න ගිහින් ගුවන් හමුදාවේ සහයෙන් දිවි බේරා ගත් අකුරණ පුද්ගලයෙකුගේ කතාව හැමෝම දැන ගත්තත් එදා ඇත්තටම වුණේ මොකක්ද?

ඒ වාසනාවන්තයා එදා මුහුණ දුන් සිද්ධ්ය මේ විදියට කීවා…

“උදේ පාන්දර කෝල් එකක් ආවා ඔක්කොම යට වෙලා හරක් ටික කෝ යට වෙලා ද දන්නේ නෑ කියලා ගිහින් බලද්දි එකෙක් යට වෙලා.ඊට පස්සේ ලෙහලා වතුර නැති තැනක ගැට ගහලා දුවගෙන ගියා අනිත් හතරදෙනා බලන්න යනකොට උන් මැරුලා වගේ පා වෙනවා.. මැරිලා නෑ යන්න පුළුවන් එන්න බෑ මං පීනලා ගියා.ඊට පස්සේ මං කණුව ගලෝලා පැළට එක්කගෙන ගියා පැයක් විතර හිටියා.. පැළත් කැඩුනා.ඊට පස්සේ සතුන්ගේ ලණුව ලෙහුවා බෙල්ලෙන්ම අඩු වුණොත් ගෙනියමු නැත්තන් මැරෙන්න හරි කොහෙට හරි යයිනේ මගෙ ඇස් දෙකට පේන්නේ නෑනේ කියලා.

සත්තු දෙන්නෙක් ගහගෙන ගියා අනිත් එකාව ලෙහන්නම බෑ ඒකා මැරෙනවා කියලා හිතාගෙන ලණුවක් අරන් මං නැග්ගා තැඹිලි ගහට.. මට දැන් බලන් ඉන්න බෑ සතාව වතුරේ කැරකෙනවා ඊට පස්සේ උගේ බොලොක්කේ කැඩුනා එයත් පණ පිටින් ගියා මැරුනේ නෑ..දැන් සත්තු නෑ මං විතරයි හිර වුණේ දවල් වෙද්දී බෝට්ටු ආවා එත් ලගට එන්න බෑ වතුර පාර සැර වැඩී එයාලා එන්නම් කියලා ගියා ආයේ ආවේ නෑ මං එයි කියලා හිත හදන් හිටියා රෑ වෙද්දී හොදටම වහිනවා ඉන්නම බෑ කන්න දෙයකුත් නෑ තැඹිලි කඩාගෙන බිව්වා.. සීතලට දත් ටික ගැහෙන නිසා කුරුම් බැට්ටි හප හපා හිටියා හිත හදන් හිටියා උදේ ආවේ නැත්නම් වතුරට පනිනවා කියලා…එහෙම ඉද්දි තමා චොපර් එකක් ආවේ මටත් බෙල්ට් එක දාලා මාව උඩට ගත්තා…”

Source – Hiru Gossip




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!