BREAKING NEWS
Search

‘ මත්තලට ගුවන් යානා ගෙන්න ගන්න කාලයක් යනවා. ‘ – බිමල් රත්නායක දැන් කියන කතාව මෙන්න

812

මත්තල ගුවන් තොටුපළ, ගුවන් යානා මෙහෙයුම්වලට අමතරව, වෙනත් ව්‍යාපෘති සඳහා ද යොදා ගැනීමට සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ අනුව, මත්තල ගුවන් තොටුපළ පදනම් කර ගනිමින් සූර්ය බල ව්‍යාපෘති, ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ කටයුතු ඇතුළු අනෙකුත් ව්‍යාපෘති ආරම්භ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

එසේම, මත්තල ගුවන් තොටුපළ සංචාරක කලාපයක පිහිටා ඇති නිසා ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මෙය ව්‍ය‍ාපාරික සැලැස්මකින් තොරව ඉදිකළ ගුවන් තොටුපළක් බවත්, ඒ සඳහා ඩොලර් මිලියන 260 ක ණය ලබාගෙන ඇති බවත් මේ වන විට කටුනායක ගුවන් තොටුපළ හරහා උපයන ආදායම මත්තල ගුවන් තොටුපලට දැමීම හරහා මුදල් නාස්තියක් සිදුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මත්තල ගුවන් තොටුපළට ගුවන් යානා ගෙන්වා ගැනීමට කාලයක් ගතවන බැවින්, මෙම අනෙකුත් ව්‍යාපෘති හරහා ආදායම් උපයා ගැනීමට කටයුතු කරන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – එසැණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!