BREAKING NEWS
Search

රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවි – රුවන් විජේවර්ධන

1067

(අංජුල මහික වීරරත්න)

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ හිටියොත් රටට හොඳක් වේවියැයි සිතන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (7) පැවැසීය.

“නමුත් එහෙම කිසිම සූදානමක් නැහැ.එතුමා පාර්ලිමේන්තුවට යනවා නම් හරි කාලෙ බලලා යාවි.නමුත් දැනට එවැනි සාකච්ඡාවක් නැහැ.එවැනි සූදානමක් නෑ, යනුවෙන්ද එජාප නියෝජ්‍ය නායකයා කීය.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ කීවේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති දන්සලක ආරම්භක අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති පාර්ලිමේන්තුවට එනවා යැයි බොහෝ කතාබහක් ඇති වී තිබෙන බවත් එතුමා පාර්ලිමේන්තුවට යවන්න සූදානමක් තිබේදැයි එහිදී මාධ්‍යවේදීහු රුවන් විජයවර්ධන මහතාගෙන් විමසූහ.

රනිල් වික්‍රමසිංහ මහතාට සෙත් පතමින් සිරිකොත පක්ෂ මූලස්ථානය මෙම දන්සල සංවිධාන කර තිබිණි.

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!