BREAKING NEWS
Search

මගේ මම්මා මාව දාලා ගිහිං අදට අවුරුදු 4ක්… රටක් ආදරේ කරන කාවිද්‍යා අධිකාරි තැබූ සංවේදී සටහනක් මෙන්න

4214

👼මගේ මම්මා මාව දාලා ගිහිං අදට අවුරුදු 4ක්…

මගේ ජීවිත ගමනේ වැඩි හරියක් මට “ජීවිතේ” කියන්නේ මොකක් ද කියල, කියලා දුන්නේ එයා…
මම එයාගෙ මිනිබිරිය වුනාට ආදරේට මට එයා කිව්වේ “අම්මා” / “අක්කි” කියලා…❤️
මිනිස්සු කොච්චර මගෙ හිත රිද්දුවත් “මගෙ අම්මා ඉවසන්න… එයාලා ඒවා මැරෙණ දවසට ගෙනිය යි”, කියලා මගේ හිත හැදුව වාර අනන්තයි.

ජීවිතේ මොන ප්‍රශ්නෙ ආවත් මම අඬාගෙන වාඩි වුනේ එයා ලඟ. මගෙ හැම දුකක් ම එයාට කිව්වට පස්සේ ඒ දුක නිකම්ම ඉවර වෙලා මම දන්නෙ ත් නෑ. එයා ගාව තිබුනේ අමුතු Magic එකක්.

මට එයා කියලා දීපු හැම life lesson එකක් ම අද ඊයෙ වගේ මතකයි…

මම එයා ලඟ දවසක් ආදර සම්බන්ධයක් ඉවර වෙලා, “මම්මා මට ආය කවදාවත් කවුරුත් එපා, මම තනියෙන් ඉන්නවා” කියලා කියද්දී එයා මට කිව්වා, “මගේ අම්මාට පණටත් වඩා ආදරේ කරන, ආදරණීය ස්වාමියෙක් හම්බෙනවාම යි, මගෙ අම්මා ගෙ හිත රිද්දන්නේ නැති හොඳ මනුස්සයෙක් හම්බෙනවාමයි , එතකං ඉවසං ඉන්න” කියලා. ඒ recording එක මගෙ phone එකේ තාම තියෙනවා… ඒවා හරිම පුදුම වචන🤗

එදා එයා කිව්ව දේ වැඩිය හිතට ගත්තේ නැති මම, අද වෙනකොට ඒ කිව්ව දේ හැබෑ වෙලා, මම එය අත් විඳිනවා. මම්මා කිව්ව ඒ කෙනා අද වෙනකොට මගෙ ලඟ, මගෙ මම්මා වගේම මගෙ හිත හුඟාක් පරිස්සම් කරනවා… 🥰

එයා නැති වුන දවසේ මොහොතකට පෙර එයා මගෙ අතින් හයියෙන් අල්ලගත්තා. ඒ මොහොතේ දැනුන හැඟීම අදටත් කියාගන්න තේරෙන්නේ නෑ. වචනෙන් එයා මේ ලෝකෙන් යන්න හදන්නේ කියලා කියාගන්න ශක්තියක් තිබුනේ නැති නිසා මගේ අත අල්ලලා ඒක කියන්න ඇති😔❤️

ජීවත් වෙලා ඉන්න කාලෙ, තමන් ගෙ අම්මා, තාත්තා, ආච්චි, සීය ලා ව ආදරෙන් බලාගන්න… එයාලා මේ ලෝකෙන් ගියාට පස්සේ එයාල ට දෙන්න බැරි වුන අදරයක් ගැන දුක් වෙලා වැඩක් නෑ..

මගේ මම්මා කොහේ හරි සතුටින් ඇති… එයාගෙ ආශිර්වාදය හැමදාටම මට තියේවි කියලා මම විශ්වාස කරනවා🧿🙏🏻👼
#myguardianangel
-අක්කි-

කාවිද්‍යා අධිකාරි තැබූ සංවේදී සටහනක්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!