BREAKING NEWS
Search

අගමැති කියන එකද හරි.. ඇමතිලා කියන එකද හරි.. අපි කන්ෆියුස් වෙලා ඉන්නේ…

398

පාර්ලාමේන්තුව තුල අගමැතිණිය සහ මැති ඇමතිවරුන් සිදු කරන ප්‍රකාශ පරස්පර බවත්, මෙම දෙගොල්ලන්ගෙන් හරි දේ කියන්නේ කවුද යන්න රටේ ජනතාවට ගැටළුවක් වී ඇති බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක වී.රාධා ක්‍රිෂ්ණන් මහතා පවසයි.

හැටන් නගරයේදි (10) දින විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් රාධා ක්‍රිෂ්ණන් මහතා කියා සිටියේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රාධා ක්‍රිෂ්ණන් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“පහුගිය දවස්වල ලොකු කතාවක් ගියා රොකටි යවපු එකෙන් ලොකු ගාණක් ලංකාව වියදම් කරලා තියනවා, ඒක වංචාවක් කරලා තියනවා, රාජපක්ෂලා ඒකට ගොඩක් වියදම් කරලා ඒකට සල්ලි ගෙව්වා කියලා ආන්දොලණයක් වුනා.

ඊට පස්ස ඒ පිලිබද පාර්ලිමේන්තුවේ ප්‍රශ්ණ අහනකොට අගමැතිතුමිය පිලිතුරු දුන්නා ඒකට ලංකාවෙන් සතයක්වත් වියදම් කරලා නැ කියලා. ඒත් ඇමතිවරු කිහිපදෙනෙක් කියනවා ඒකට වියදම් කරලා තියනවා. අගමැතිතුමියගේ පිලිතුර හරි නැහැ කියලා.

පාර්ලිමේන්තුවේ අගමැතිතුමිය කියන වචනයට වැඩිය ඇමතිවරුන් කියන දේ හරිද කියලා අපි දන්නෑ? නමුත් මෙකෙන් සිදු වෙන්නේ ජනතාව නොමග යැවීමක්.

මොකද මේ තරම් වියදම් කරලා යවපු රොකට් එක නිසා වියදම් නැ කියනවනම්, එතකොට මේකද වෙලා තියෙන්නේ? පාර්ලිමේන්තුවේ කියපු දේවල් ඔක්කොම බොරුද?

අපි දැනගන්න ඕන පාර්ල්මේන්තුවේ ඇත්ත කථාව නැත්නම් ජනතාව පාර්ලිමේන්තුව විශ්වාස කරන්නේ නැ. මිනිස්සු හිතන් ඉන්නේ පාර්ලිමේන්තුවේ කියන සේරම දේවල් ඇත්ත කියලා. වැරදි නැතුව ඒ දේවල් කියනවා කියලා.

හරි කියලා වැරදි කියලා කමිටුවක් පත් කරනවා නම්, අපිට ඒ දේවල් පිලිගන්න බැ කියලා තමයි උත්තර දෙන්න තියෙන්නේ.

ඒ වගේම පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාම කිව්වා වතුකම්කරුවන්ට රු.1700ක් පඩි දෙන්නම් කියලා. අද වෙනකම් ඒ පඩි දීලා නෑ. තවමත් රු. 1350ක් තමයි එයාලට ලැබෙන්නේ. පාර්ලිමේන්තුවේම කිහිප සැරයක් කියලා මිනිසුන්ව නොමග යවන ප්‍රශ්න තමයි කරන්නේ.

ඒක නිසා පාර්ලිමේන්තුව කියන දේවල් හරියට කරන්න ඕන. එවා ඉශ්ට කරන්න ඕන.

හොරු අල්ලනවා කියලා, හොරු අල්ලනවා ආය නිදහස් කරනවා. මේ වගේ සෙල්ලම් වැඩ පාර්ලිමේන්තුවේ කරන්න හොද නැ. පිලිවෙළට වැඩ කරන්න ඕන කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද පාර්ලිමේන්තුව කියන්නේ දේශීය විදේශීය ජනතාව බලන එකක්.

මේ වගේ සිදුවීම් පාර්ලිමේන්තුව තුල සිදු වෙනවා නම් එය එච්චර සුදුසු දෙයක් නොවන බව” පැවසීය.

– රංජිත් රාජපක්ෂ

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!