BREAKING NEWS
Search

ජයසූරිය ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත්වීමට සැරසේ

995

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය එළඹෙන 20යි 20 ලෝක කුසලානයෙන් අනතුරුව එම ධුරයෙන් ඉවත්වන බව අද දෙරණට ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ තම ප්‍රධාන පුහුණුකරු කොන්ත්‍රාත්තු කාලය තවදුරටත් පැවතුණද ප්‍රධාන පුහුණුකරු ධුරයේ රැදී සිටීමේ අදහසක් නොමැති බවය.

2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව තාවකාලික පත්වීමක් ලෙස ජයසූරිය මුලින් පත්කෙරුණත් එම වසර අවසානයේදී පූර්ණ කාලීනව ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කෙරිණි.

ජයසූරියගේ ප්‍රධාන පුහුණුකරු ධුර කාලය තුළ, ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ආකෘතිවල තරග 60 ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 29ක් ලබාගෙන පරාජයන් 29කට මුහුණ දී තිබේ.

ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග ගණන දෙකකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!