BREAKING NEWS
Search

යක්කල, ජවිපෙ -පෙරටුගාමී පක්ෂ කාර්‍යාලය සම්බන්ධ නඩු විභාගයෙන් විනිසුරු ඉවත් වෙයි

1859

යක්කල, පෙරටුගාමී සමාජවාදී පක්ෂ කාර්‍යාලය සම්බන්ධ නඩුව ගම්පහ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ විභාගයට ගැනිණි.

ජනතා විමුක්ති පෙරමුණ පාර්ශවයෙන් කරුණු දැක්වීමට ඊයේ දිනයේ නියමිතව තිබුණ ද, ඔවුන් සූදානම් වීමට තවත් කාලයක් ඉල්ලා සිටි බැවින් නඩුව ඔක්තෝබර් 21 දිනට කල් ගියේ ය.

පෞද්ගලික කරුණක් මත මෙම නඩුව විභාග කිරීමෙන් ඉවත් වන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ බැවින් මින් ඉදිරියට නඩුව ගම්පහ අංක 1 මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ඇත.

අදාළ යක්කල කාර්යාලයෙන් ටිල්වින් සිල්වා ප්‍රමුඛ පාර්ෂවය ඉවත් කරවා එය යක්කල පොලිසිය භාරයට ගන්නා ලෙස අතුරු නියෝගයක් ලබා දී තිබුණේ ද මෙම විනිසුරුවරයා ය.

 

source –  the leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!