BREAKING NEWS
Search

චිචීගෙ Rocket එක Clear කළා වගේ ආණ්ඩුව ම අනෙක් චෝදනාත් Clear කරලා දෙයි – නාමල් රාපක්ෂ (වීඩියෝ)

311

චිචී ගේ රොකට්ටුවේ ගැටලුව නිරාකරණය කළා සේ ම ආණ්ඩුව ම අනෙක් චෝදනා ද නිරාකරණය කර දෙනු ඇතියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ hard voich youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.

එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ පැවසුවේ යෞවන සමාජ ප්‍රශ්නයට ඔවුන් මැදිහත් නොවුණ බවයි. ඒසේ සිදු කළා නම් එය ද දේශපාලන මැදිහත් වීමක් යැයි ආණ්ඩුව පවසනු ඇති බවයි.

එමෙන් ම 03% මට්ටමේ සිටි මාලිමාව බලයට පත්වූයේ සමගි ජන බලවේගය පක්ෂයේ අඩු පාඩු අතරින් රිංගා යැයි නාමල් රාජපක්ෂ අවධාරණය කළේ ය.

මතු පළ වන්නේ නාමල් රාජපක්ෂ hard voich youtube නාලිකාව සමග කළ සාකච්ඡාව අන්තර්ගත සම්පූර්ණ සාකච්ඡාව ය.

Source – The leader




Leave a Reply

Your email address will not be published. Required fields are marked *