BREAKING NEWS
Search

සුරතල් “Blacky” වෙනුවෙන් ඉටු වූ යුක්තිය….

358

 

කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක ගැටී වීථි සුනඛයෙකු මියයෑමේ සිදුවීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 09 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ (25) දින නියෝග කලා.

පන්නිපිටිය විද්‍යාල හන්දියේ අලුබෝගහවත්ත පටුමග ආසන්නයේ ජීවත් වූ මිය ගිය වීථි සුනඛයා ඉකුත් නොවැම්බර් 14 දින සැකකාර කාන්තාව විසින් පැදවූ මෝටර් රථයේ ගැටී මියගොස් තිබූ බවත්, එම වීථි සුනඛයා මිය යෑම සිතාමතා සිදුකළ ඝාතනයක් බවට ප්‍රදේශවාසීන් සහ සත්ත්ව සංවිධාන විසින් ඉකුත් 16 දින කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් සිදු කළ බවත් මෙහිදී අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණා.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ පන්නිපිටිය, කොට්ටාව – දෙල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

අනතුරට සම්බන්ධ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ සැකකාර කාන්තාව මියගිය වීථි සුනඛයා ඝාතනය කරන බවට මින් පෙර එම ප්‍රදේශයේ ජනතාවට පවසා තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබූ බවත් මෙහිදී කොට්ටාව පොලිසිය අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

අදාල අනතුර සිදුකරන ආකාරය අසල නිවසක සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබූ අතර, එම ආරක්ෂිත කැමරා දර්ශන නැරඹීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය ලබාදීමට කටයුතු කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!