BREAKING NEWS
Search

නුවර බැතිමතුන්ට ජරා බනිස් කවන්න හදලා

2767

 

(ෂේන් සෙනෙවිරත්න)

ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයට පිට ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 360 ක් විනාශ කර දැමීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම ආහාර ද්‍රව්‍ය අතර පරිභෝජනයට නුසුදුසු නරක් වූ බනිස් 2000 ක් තිබූ බවත් ඒවා අලෙවි කළ වෙළදුන් 08 දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවද නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ

Source – Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!