BREAKING NEWS
Search

ලොකු පැටී සමග එකතු වූ කරන්දෙණියේ සුද්දාගේ ලෝයර්, බිරිඳ එතැනමයි – සිද්ධිය හොයන්න පොලිස් කන්ඩායම් 10ක්..

893

 

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිටදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳව අද පස්වරුවේ වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, ඔහු කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතුවලට පෙනී සිටි අයෙකු බවයි.

එමෙන්ම ඔහු සිය සේවාදායකයාගේ තොරතුරු වෙනත් අපරාධ කණ්ඩායමකට ලබාදීම හේතුවෙන් කරන්දෙණියේ සුද්දා විසින්ම ඝාතනය මෙහෙයවා ඇති බවට ආරක්ෂක අංශ සැකපලකරනවා.

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ජීප් රථයක සිටි යුවළක් ඉලක්ක කර අද පස්වරු 5ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා.

මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් අදාළ වෙඩිතැබීම ටී-56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩි ප්‍රහාර 10ක් පමණ එල්ල කර පලාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඉන් ජීප් රථයේ සිටි අඹුසැමි යුවළ එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස ඝාතනයට ලක්වුණේ පිටිගල පදිංචි මල්වාරච්චි නම් නීතීඥවරයෙක් හා ඔහුගේ බිරිඳයි.

එම නීතීඥවරයා කරන්දෙණිය සුද්දා නම් අපරාධකරුගේ අධිකරණ කටයුතු සිදුකළ පුද්ගලයා බවයි පොලිසිය පැවසුවේ.

කරන්දෙණිය සුද්දාගේ තොරතුරු වෙනත් පාර්ශ්වයකට ලබාදීම හේතුවෙන් ඔහු විසින් මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට පොලිසිය සැකපලකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් යොදවා තිබේ.

Ape Rata




Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!