දේවාලයේ පුද පඬුරු උපයෝගී කරගෙන පූජා කටයුතු කළේ ඒ මගින් නැවත බස්නායක නිලමේ ඡන්දයට ඉදිර්පත් වීමේ අපේක්ෂාවෙන් නොවන බවත් දෙවියන්ට පින් ලබාදීමට බවත් ප්‍රජා සංවර්ධන කටයුතු පෙන්වා දේශපාලනයට ඇවිත් පව් පුරවා ගන්න තරම් තමා බොළඳ නොවන බවත් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.
බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ නිල මැඳුරේ පැවති හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතරු දෙමින් ඔහු එසේ කීය.
ලබන සැප්තැම්බර් 25 වැනි දින ඩිෂාන් ගුණසේකර මහතා ගේ නිල කාලය අවසන් වන අතර නව බස්නායක නිලමේ වරයකු තෝරා පත් කිරීමේ බලය බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් වරයාට පැවරෙයි.
වැඩි දුරටත් අදහස් දැක් වූ ඩිෂාන් ගුණසේකර මහතා මෙසේ සඳහන් කළේය.
“මම 2020 දි බස්නායක නිලමේ ලෙස පත් වූයේ උතුම් කතරගම දෙවියන්ට පින් ලැබෙන දේවල් කරන්න. මගේ කාලය වසර 05 ක් වුවත් පැවති කොරෝනා වසංගතය, රටේ පැවති ආර්ථික අරගලය හමුවේ වසර 03ක කාලයක් තමයි වැඩ කරන්න හැකි වුණේ. මම කරපු සේවා මුළු රටේම ජනතාව දන්නවා. මට කවුරුත් ආශිර්වාද කරනවා.
කරපු වැඩ ගැන සතුටු වෙනවා. මම නැවත බස්නායක නිලවරණයකට එන්නේ නැහැ. දේශපානඥයෝ මෙන් මම කරපු වැඩ කිය කියා හැසිරෙන්නේ නැහැ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව බස්නායක නිලවරණයක් තියලා නව බස්නායක නිලමේ වරයකු තොරා ගැනීමේ අයිතිය රජයටයි තියෙන්නේ”
Source – lanka c news